slc
logo
Home   |    News
ඔක්තෝබර් 21, 2023
ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව පළමු ජය ලබයි

sinhala editor

අංක 4 පිතිකරු ස්ථානයේ වගකීම කුමක්ද යන්න හොද හැටි වටහා ගනිමින් කඩුල්ලේ රැදී සිට ඉවසිලිවන්ත ඉනිමන් දියත් කිරීමට සධීර සමරවික්‍රම සමත්වීම නිසා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ සිව්වැනි තරගය හෙවත් නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට අද (21 වැනිදා ) ලක්නව් නුවර දී හැකියාව ලැබිණ.

පන්දු 107 කදී වාර්තා වුණු සධීරගේ ලකුණු 91 ක නොබිඳුණු ඉනිම නිසා කුණු 263 ක ඉලක්කයක් හමා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දී ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබුණේ තවත් පන්දු 10 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබියදීය. ශ්‍රී ලංකාව අද වාර්තා කරන ලද්දේ මෙවර තරගාවලිය යටතේ ලද පළමු තරග ජයග්‍රහණය විය. එම ජයග්‍රහණයත් සමග මෙතෙක් දිනක් ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට පියවර 2 ක් ඉදිරියට පැමිණ  8 වැනි ස්ථානයේ සිට ගැනීමට දැන් හැකියාව ලැබි තිබේ. ශ්‍රී ලංකාවට වඩා පහළින් පසුවන් එංගලන්තය සහ ඇෆ්ගනිස්තානු කණ්ඩායමේ පසුවෙති.

කණ්ඩායමේ අංක 4 පිතිකරු තනතුර භාර ගැනීමෙන් පසු දිනෙන් දින තමා වෙත තැබූ විශ්වාසයට සාධාරණයක් එක් කිරීමට සමත්ව සිටින සධීර සමරවික්‍රමට අද තරගයේදී හිතුවක්කාර වූයේ නම් ශතකයක් දක්වා යෑමට පහසුම අවස්ථාවක් තිබුණි. එහෙත් ශතකයට වඩා කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ දකුණත් පිතිකරුවා ලකුනු 91 ක ඉනිම ගොඩ නැගීම සදහා මිනිත්තු 175 ක කාලයක් කඩුල්ලේ රැදීි සිටියේය. ඒ අතර තුරදී තම ඉනිමට හතරේ පහර 7 ක් පමණක් ඔහු එල්ල කර තිබුණේය.

ලකුණු 263 ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 2 ලකුණු 52 ක් ඇතුළත බිද දැමීමට ආර්යයන් දත් සමත් වූ අතර ඒ සමග තරගය දෙපිළටම විවෘත තරගයක් බවට පත්විය.

ලකුණු අතර සිටි කුසල් ජනිත් පෙරේරා සහ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 05 කට සහ ලකුණු 11 කට එසේ පිළිවෙලින් දැවී ගිය අතර අනතුරුව සධීර සමරවික්‍රම ට එකතු වූ  පැතුම් නිශ්ශංක තෙවැනි  කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක් ගොඩනැඟුවේය.

තම 12 වැනි අර්ධ ශතකය මෙන්ම තරගාවලියේ ලබා ගත් දෙවෙනි අර්ධ ශතකය ඊයේ නෙදර්ලන්තයට එරෙහිව වාර්තා කළ පැතුම් වෑන් මීකරන් ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නා ට උඩ පන්දුවක් ලබා දී පිටියෙන් ඉවත් වූයේය. දැවී යන විටත් පැතුම් සිය ඉනිම සඳහා හතරේ පහර 9 ක් එල්ල කර තිබුණේය.

අර්ධ ශතකයට ලකුණු 6 ක් මෙපිටින් සිටියදී සිය කඩුල්ල දග පන්දු යවන ආර්යයන් දත් ට පිරිනැමූ චරිත් අසලංක ඊට පෙර එම පන්දු යවන්නාටම දැවැන්ත හයේ පහරක් ද එල්ල කිරීමට සමත්ව සිටියේය. චරිත් ගේ කඩුල්ල  බිඳ වැටීමෙන් එසේ නිමා වූයේ 4 වැනි කඩුල්ල සඳහා පන්දු 99 කදී ගොඩනැගුණු ලකුණු 77 ක සම්බන්ධතාවයකි. අනතුරුව ධනංජය ද සිල්වා ලකුණු 30 ක් ලබා සධීර ට සහාය දුන් අතර දුශාන් හේමන්ත එල්ල කළ 4 පහර සමගින් ජයග්‍රහණය ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් විය.

නෙදර්ලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 6 ලකුණු 91 ක් තුළ බිඳ වැටුණද  සයිබ්‍රෑන්ඩ් එංගල්බෙග්ඩ් සහ ලෝගන් වෑන් බීක් දෙදෙනා පන්දු 151 කදී ලකුණු 130 ක වාර්තාගත සම්බන්ධතාවයක් 7 වැනි කඩුල්ල සඳහා පැවැත්වූහ.

එම සම්බන්ධතාවයේ පදනම මතින්  ලකුණු 250 සීමාව පසුකර යෑමට නෙදර්ලන්තය සමත් වූ අතර එය නෙදර්ලන්ත කණ්ඩායමේ පිතිකරු යුගලයක් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියක වාර්තා කළ ඉහළම ලකුණු සම්බන්ධතාවය ද වූයේය. එහිදී සයිබ්‍රෑන්ඩ් පන්දු 82 කදී ලකුණු 70 ක් ලබා සිය පළමු  අර්ධ ශතකය වාර්තා කළ අතර ලෝගන් වෑන් බීක් ද තම මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වූවේය.

දෙවෙනි එක් දින තරගය ට ක්‍රීඩා කළ  සයිබ්‍රෑන්ඩ් තම ඉනිම ට හතරේ පහර 4 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් කර ගත් අතර 32 වැනි තරගය ට සහභාගී වූ වෑන් බීක් මුහුණ දුන් පන්දු 68 ටම එල්ල කළේ එක් හතරේ පහරක් පමණි.

ඉනිමේ පළමු භාගයේදී කසුන් රජිත සහ ඩිල්ෂාන් මදුශංක 19 වැනි පන්දුවාරය වන කඩුලු 6 ක් ලකුණු 91 ක් ඇතුළතදී දවා ගැනීමට සමත්වූහ. ඔවුන් කෙතරම් අභියෝගයක් එල්ල කිරීමට සමත්වූවේද කිවහොත් 9 වැනි පන්දු වාරයේ 2 වැනි පන්දුවට එල්ල කළ හතරෙ පහරට  පසුව හතරේ සීමාව පසුකර පන්දුවක්  ඇදී යාමට තවත් පන්දු 125 ක් ප්‍රතිවාදී පිතිකරුවෝ වැය කළහ. කැපී පෙනන පන්දු යැවීමක නිරත වූ ඩිල්ශාන් මධුශංක සහ කසුන් රාජිත  දෙදෙනා කඩුලු 4 බැගින් දවා ගැනීමට  සමත් වූහ. වමත් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුසංඛ අද දිනයේ සිව්වැනි කඩුල්ල ලබා ගැනීමත් සමඟ නවසීලන්ත ක්‍රීඩක මිචෙල් සැන්ට්නර් සමග මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ සමතැන් ගැනීමට සමත්වූවේය.

නෙදර්ලන්තය පන්දුවාර 49.4 කදී සියලු දෙනා දැවී ලකුණු 262 යි – (කොලින් ඇකර්මන් 29, සයිබ්‍රැන්ඩ් එංගල්බෙග්ඩ් 70, ලෝගන් වැන් බීක් 59, මැක් ඔඩොව්ඩ් 16, ස්කොට් එඩ්වර්ඩ්ස් 16, කසුන් රජිත 50/4, ඩිල්ෂාන් මදුහංක 49/4, මහීෂ් තීක්ෂණ 44/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 48.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 263 යි – (සදීර සමරවික්‍රම 91*, පැතුම් නිස්සංක 54, කුසල් මෙන්ඩිස් 11, චරිත් අසලංක 44, ධනංජය ද සිල්වා 30, අර්යන් දත් 44/3, පෝල් වෑන් මීකර්න් 39/1, කොලින් ඇකර්මන් 39/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

USD United States (US) dollar