slc
logo
Home   |    News
නොවැම්බර් 15, 2023
අරවින්ද ද සිල්වාට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙති සුභ පැතුම්

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2023 වසරට අදාළව නම් කරනු ලැබ ඇති විශිෂ්ඨතමයන්ගේ නාමාවලියට (ICC Hall of Fame ) ඇතුළත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක අරවින් ද ද සිල්වා මහතාට ශුභාසිංසන එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම කීර්තිමත් ක්‍රීඩකයකු ලෙසින් සැලකෙන අරවින් ද ද සිල්වා ශ්‍රී ලාංකේය ක්‍රිකට් උරුමය ලෝක මට්ටමට පරිවර්තනය කිරීමට ඉමහත් දායකත්වයක් ලබා දුන්නෙකි.

පන්දු යවන්නන්ට එරෙහිව නිර්භීතව සිය පිත්ත ක්‍රියාත්මක කළ අරවින් ද ද සිල්වා මහතා තාක්ෂණිය අතින්ද ඉතා ඉහළ මට්ටමක සිටියෙකි. ඔහු ක්‍රීඩා කරන ලද යුගය ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දක්වන ලද දක්ෂතා, එවකට තරුණයන් දිරිමත් කරන තරමට වූවේය. එබැවින් ඔහුව මෙරට ක්‍රීඩා ලෝලීන් පමණක් නොව ලොව පුරා වූ ක්‍රිකට් ක්‍රීඩාවට අදාරය කරන ක්‍රීඩා ලෝලීන් ද අරවින්ද මහතාව වැළඳ ගනු ලැබීය.

“ශ්‍රී ලංකාව බිහි කළ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් එක් ක්‍රීඩකයකු ලෙස අරවින්දව සලකරන්න පුලුවන්. ක්‍රීඩකයකු පමණක් නොව නායකයකු ලෙසත්, උපායමාර්ගික ක්‍රීඩකයකු ලෙසත් ඔහු සිදුකරන ලද සේවාව නිසා ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝකය ජය ගැනීමට ඉවහල් වූ අතරම එහි වඩාත්ම තීරණාත්මක සංධිෂ්ථානය ලෙසින් 1996 වසරේ පැවැති ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සැලකිය හැකියි“ යැයි මේ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සඳහන් කර සිටියි.

“අරවින්ද වැනි ක්‍රීඩකයින් ලබා දුන් දායකත්වය නිසා තමයි ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රභල ස්ථානයක් හිමිකරගෙන සිටින්නේ“ යැයි ද ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ක්‍රිකට් පිටියේදී ඔහු දක්වන ලද දක්ෂතාවයන් අතර විශේෂයෙන්ම 1996 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති අවසන් පූර්ව තරගයේ සහ අවසන් මහ තරගයේදී ඔහු ක්‍රීඩා කළ ජයග්‍රාහී පහර, පරම්පරා ගණනාවක මතකයේ රැඳී තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93 කට සහ එක්දින තරග 308 කට ක්‍රීඩා කර ඇති ද සිල්වා මහතා මුලු ලකුණු 15,645 ක් රැස් කරගැනීමට සමත්ව සිටියි. ඔහු එවකට පැවැති ටෙස්ට් සහ එක්දින ආකෘති දෙකේදීම ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබේ. අවශ්‍යතාවය අනුව දකුණතින් පිට දඟ පන්දු යැවීමේ හැකියාව ද ඇති අරවින් ද ද සිල්වා මහතා සිය ක්‍රීඩා කරන ලද සමය තුළ ජාත්‍යන්තර කඩුලු 135 ක් ද දවා ගැනීමට සමත්ව සිටින්නේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee