slc
logo
Home   |    News
නොවැම්බර් 12, 2023
දික්වැල්ල සහ පරණවිතාන ශතක රැස් කරති –  පුෂ්පකුමාර කඩුලු හතයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (11) දිනයේදී ටැමිල් යුනියන් කණ්ඩායමේ නවෝද් පරණවිතාන සහ එන්.සී.සී. කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල ශතක රැස් කිරීමට සමත් වූහ.

පොලීසිය සහ සෙබස්ටියනයිට්ස් තරගයේදී පොලීසියේ මාලින්ද පුෂ්පකුමාර දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ප්‍රථම ඉනිමේදී කඩුලු හතක් දවාලීමට සමත් විය.

මේ තරගාවලියේදී මේ වන විට තරග කිහිපයක විසඳුමක් ලැබෙන ලකුණු පහළ කර තිබිණි.

  • සී.සී.සී. – කැන්ඩි කස්ටම්

කැන්ඩි කස්ටම් කණ්ඩායමේ දේශාන් ඩයස් සහ සහන් කෝසල අර්ධ ශතක රැස් කරමින් දැක් වූ දක්ෂතා මත කැන්ඩි කස්ටම් කණ්ඩායමට මුල් ඉනිමේදී ලකුණු 258ක් රැස් කිරීමට අවස්ථාව උදා විණි.

 කැන්ඩි කස්ටම් ප්‍රථම ඉනිම සියල්ල දැවී පන්දුවාර 71කදී 258යි – (දේශාන් ඩයස් 62, සහන් කෝසල 50, ඉමල් ලියනගේ 32, යොහාන් මැද්දගේ 47, මළිඳු මධුරංග 17, අසිත ප්‍රනාන්දු 49/6, අෂාන් ප්‍රියංජන් 64/2යි)

සී.සී.සී. ප්‍රථම ඉනිම පන්දුවාර 16කදී කඩුලු 1ට 84 – (ලසිත් කෘස්පුල්ලේ නොදැවී 57, මිනෝද් භානුක නොදැවී 27, ගයාන් සිරිසෝම 30/1යි)

  • ගෝල් – නිගම්බු

නිගම්බු කණ්ඩායමේ නිශාන් පීරිස් ලකුණු 42කට කඩුලු පහක් දවාලීම මත ගෝල් ප්‍රථම ඉනිම ලකුණු 169කට සීමා විණි.

නිගම්බු මුල් ඉනිම පන්දුවාර 57.4කදී සියල්ල දැවී 133යි – (දිල්ෂාන් මුණවීර 52, ඇන්ජලෝ ජයසිංහ 18, සචිත්‍ර පෙරේරා 28/4, පසිඳු මධුශාන් 15/2යි)

ගෝල් මුල් ඉනිම පන්දුවාර 78කදී සියල්ල දැවී 169යි – (ඉරෝෂ් සමරසූරිය 22, විශ්ව විජේරත්න 28, බුද්ධික හසරංග 39, මලීෂ සිල්වා 21, ශාලිත් ප්‍රනාන්දු 18, නිශාන් පීරිස් 42/5, උපුල් ඉන්ද්‍රසිරි 44/3)

නිගම්බු දෙවන ඉනිම පන්දුවාර 42කදී කඩුලු 3ට 158 – (දිල්ෂාන් මුණවීර 57, පසිඳු ලක්ශංඛ නොදැවී 40, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 32, සචිත්‍ර පෙරේරා 52/2)

  • නුගේගොඩ – බී.ආර්.සී.

මේ තරගයේ මුල් ඉනිමේදී දෙපිළම ලකුණු 178 බැගින් ලබා සිටින අතර නුගේගොඩ දෙවන ඉනිමේදී කඩුලු 7කට ලකුණු 124ක් ලබා සිටී.

නුගේගොඩ පන්දුවාර 56.2 මුල් ඉනිම 178යි – (චලන ද සිල්වා 43, කෙවින් පෙරේරා 32, සුවත් මෙන්ඩිස් 25, රුමේෂ් බුද්ධික 23, දුෂාන් හේමන්ත 50/4, මොහමඩ් ශිරාෂ් 31/3)

බී.ආර්.සී. ප්‍රථම ඉනිම පන්දුවාර 53.1කදී 178 – (ලක්ෂාන් ගමගේ 58, රිසිරි වීරසූරිය 37, අභිෂේක් රාමන් 24, ලියෝ ෆ්‍රැන්සිස්කො 23, චලන ද සිල්වා 47/4, තිලකරත්න සම්පත් 60/3, සුවත් මෙන්ඩිස් 28/3)

නුගේගොඩ දෙවන ඉනිම පන්දුවාර 44කදී කඩුලු 7ට 124  – (රුමේෂ් බුද්ධික 29, කෙවින් පෙරේරා නොදැවී 21, රාහුල් ගුණසේකර 19, චලන ද සිල්වා නොදැවී 15, දුවිඳු තිලකරත්න 48/4, ජනිත් සිල්වා 11/2)

  • කෝල්ට්ස් – එස්.එස්.සී.

එස්.එස්.සී. කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය සහ ලක්සිත වනසිංහගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කෝල්ට්ස් ප්‍රථම ඉනිම 131කට සීමා විණි.

කෝල්ට්ස් ප්‍රථම ඉනිම පන්දුවාර 33.5කදී 131යි – (ධනංජය ලක්ෂාන් 60, ෂෙරාන් ෆොන්සේකා 21, අකිල ධනංජය 21, ප්‍රභාත් ජයසූරිය 33/4, ලක්සිත වනසිංහ 49/3)

එස්.එස්.සී. ප්‍රථම ඉනිම පන්දුවාර 37කදී කඩුලු 6ට 219යි  – (මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 61, අවිශ්ක ප්‍රනාන්දු 36, චමිඳු වික්‍රමසිංහ 32, ෂෙවෝන් ඩැනියල් 28, නිපුන් ධනංජය 25, අකිල ධනංජය 74/4, ධනංජය ලක්ෂාන් 33/2)

  • ගුවන් හමුදාව – ටැමිල් යුනියන්

ටැමිල් යුනියන් කණ්ඩායමේ නවෝද් පරණවිතාන මේ තරගයේදී පන්දු සියයකට මුහුණදී හතරේ පහර නවයක් හයේ පහර හතරක් සමඟ ලකුණු 109ක් ලබා මේ සති අන්තයේ ප්‍රථම ශතකය රැස් කළේය.

ගුවන් හමුදාව මුල් ඉනිම පන්දුවාර 56.3කදී 238යි – (රොස්කො තටිල් 63, අභිමන්යු චව්හාන් 86, ගීත් කුමාර 23. චානක රුවන්සිරි 18, දිලුම් සුධීර 74/4, විජයකාන්ත් වියස්කාන්ත් 29/3)

ටැමිල් යුනියන් පන්දුවාර 55කදී කඩුලු 7ට 275යි  – (නවෝද් පරණවිතාන 109, රවිඳු ප්‍රනාන්දු නොදැවී 70, ලසිත් අබේරත්න 46, ළසඳ රුක්මාල් 41/3, ගීත් කුමාර 46/2)

  • චිලව් මේරියන්ස් – එන්.සී.සී.

එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 121කදී හතරේ හතක් හයේ පහර තුනක් සමඟ ලකුණු 105ක් රැස් කිරීමට සමත් විය.

චිලව් මේරියන්ස් මුල් ඉනිම 208යි  – (ලසිත් ලක්ෂාන් 67,  පුලින තරංග 33, රවීන් යසස් 26, චමෝද් සඳරු 26, ලසිත් ඇඹුල්දෙණිය 48/2, යුගීෂ දිල්ෂාන් 26/2)

එන්.සී.සී. මුල් ඉනිම පන්දුවාර 52.1කදී සියල්ල දැවී 226යි – (නිරෝෂන් දික්වැල්ල 105, සහන් ආරච්චිගේ 36, උපුල් තරංග 22, ලසිත් ලක්ෂාන් 60/4, අවිඳු තීක්ෂණ 69/2යි)

චිලව් මේරියන්ස් දෙවන ඉනිම පන්දුවාර 53කදී කඩුලු 6ට 150යි – (කසුන් විදුර 65, ලසිත් ලක්ෂාන් 32, තරිඳු අමරසිංහ 21, ලසිත් ඇඹුල්දෙණිය 56/3)

  • පොලීසිය – සෙබස්ටියනයිට්ස්

සෙබස්ටියනයිට්ස් මේ තරගයේ මුල් ඉනිමේදී මේ වන විට ලකුණු 17කින් ඉදිරියෙන් සිටී.

පොලීසිය මුල් ඉනිම 181 පන්දුවාර 40.4යි – (හෙෂාන් ධනුෂ්ක 45, අෂේන් බණ්ඩාර 67, සුපුන් මධුශංඛ 15, චාමික එදිරිසිංහ 61/4, ඉසිත විජේසුන්දර 20/3)

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම 198 පන්දුවාර 42.3යි – (අදීෂ නානායක්කාර 48, තරිඳු රත්නායක 61, ප්‍රමෝද් මධුවන්ත 17, මාලින්ද පුෂ්පකුමාර 88/7)

පොලීසිය දෙවන ඉනිම කිසිවකු නොදැවී 00

Active filters

Recent Posts

  • 15න් පහළ ලීග් ක්‍රිකට් ශූරතාව පිට පිට දෙවැනි වරටත් කොළඹ දකුණ දිනයි
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
  • පියුමි වත්සලාගෙන් ශතකයක්: සුගන්ධිකා පතිරණගෙන් ලකුණු 5ට කඩුලු 6ක්
    කාන්තා ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පානදුර – බදුරලිය – යුද හමුදා – කෝල්ට්ස් – ගුවන් හමුදා ජය ලබති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා […]
  • සීසීසී කාන්තා පිලට ලකුණු 148ක දැවැන්ත ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පන්දු 55කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 62ක් ලැබූ කොළඹ ක්‍රිකට් සමාජයේ (සීසීසී) කෞෂනී නුත්‍යාංගා […]
  • මහනුවර පරාජය කළ ගාල්ල දෙවැනි තැනට
    කොළඹ උතුරෙන් දඹුල්ලට ප්‍රහාරයක් මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ […]
  • බී.ආර්.සී. – නුගේගොඩ ජය ගනිති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) දිනයේදී ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීමට බී.ආර්.සී. සහ නුගේගොඩ කණ්ඩායම් සමත් විණි. මොවුන් මෙම […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest