slc
logo
Home   |    News
නොවැම්බර් 17, 2023
ආසියානු ක්‍රීඩා පදක්කම් දිනූවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රුපියල් මිලියන 28 ක්

sinhala editor

නිමාවට  පත් වුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකා මාතාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයමින් උපහාර පිදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක් යටතේ සිදුකෙරුණු මෙම උපහාර උලෙලේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සහ පුහුණුකරුවන් දෙදෙනකු ඇගයීම් ලැබූහ.

ඔක්තෝම්බර් 17 වැනි දින පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පැවැති මෙම ඇගැයීම් උපහාර උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාට අමතරව, උප සභාපති රවීන් වික්‍රමරත්න, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද, වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත සහ උප භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ යන මහත්වරුන්ද සහභාගිවී සිටියහ. ඊට අමතරව කාන්තා ක්‍රිකට් උපදේශකවරියක මෙන්ම සංවර්ධනය පිළිබඳ උපදේශිකාවක වන ඔලිම්පික් පදක්කම් ලාභීණී සුසන්තිකා ජයසිංහ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජික කිත්සිරි ද සිල්වා යන මහත්ම මහත්මීහුද සහභාගී වී සිටියහ.

නිමාවට පත්වුණු 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාභිනිය වූ තරුෂි කරුණාරත්න, රිදී පදක්කම් ලාභිණියක වන නදීෂා දිල්හානි ලේකම්ගේ මෙන්ම එම තරගාවලියේ ලෝකඩ පදක්කම් දිනා දෙමින් ලක් මාතාවට ආඩම්බරයක් එක් කර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු ඇගැයීමට ලක් කරමින් මුදල් ත්‍යාග ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබුණි. ඊට අමතරව රන්  පදක්කම් ලාභීනී තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු සහ රිදී පදක්කම් ලාභී නදීෂා දිල්හානිගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත හන මහත්වරුන්ද මෙහිදී ඇගැයීමට ලක් කිරීම විශේෂත්වයක් විය.

මෙහිදී තරුෂි කරුණාරත්නට ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 10 ක මුදලක්ද ඇය විසින් දිනා ගන්නා ලද අනෙක් ලෝකඩ පදක්කම සඳහා තවත් රුපියල් මිලියනයක්ද ප්‍රධානය කෙරුණි. රිදී පදක්කම් ලාභිණී නදිෂා දිල්හානිට රුපියල් මිලියන 5 ක මුදලක්ද මෙහිදී පිරිනැමිණ. ලෝකඩ පදක්කම් ලාභීන් වුණු පසිඳු කොඩිකාර, අරුණ දර්ෂණ, කාලිංග කුමාරගේ, පබසර නිකූ, රජිත රාජකරුණා, දිනුක දේශාන්, නදීෂා රාමනායක, සයුරු ලක්ෂිමා සහ ජයේෂි උත්තරා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද මෙහිදී රුපියල් මිලියනය බැගින් ප්‍රධානය කෙරුණි.

පුහුණුකරුවන් වන සුසන්ත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 20 ක ත්‍යාගයක්ද ප්‍රදීප් නිහාන්ත රුපියල් ලක්ෂ 10 ක මුදලක්ද පිරිනැමිණ. මෙම ඇගැයීමට ලක් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනික සමාජ සත්කාරක වගකීම් ඉටු කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙසින් සිදුකරනු ලැබීය.

මේ අතර 2023 වසරේ පැවැති එම ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමටද ඔවුන් ලද ජයග්‍රහණ වෙනුවෙන් උපහාර පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරි දින කිහිපයේදී සැලසුම් කර තිබේ.

රන්  පදක්කම් ලාභීනී තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු මහතා වෙත රුපියල් මිලියන 2 ක මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අතින් ලබා දුන් අවස්ථාව. මලල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු සහ ලේකම් සමන් කුමාර යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

Active filters

Recent Posts

  • ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
    තවමත් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැති වුවද එළැඹෙන ජුනි මසදී ආරම්භවීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට වමතින් දඟ […]
  • අවු. 23 න් පහළ බාළිකා විස්සයි-20 සුපර් ලීග් තරගාවලිය 15 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ ක්‍රීඩිකාවන්ගේ විස්සයි-20 ජාතික සුපර් ලීග් තරගාවලිය මැයි මස 15 වැනිදා ආරම්භ වනු ඇත. මෙම තරගාවලියේ සියලුම […]
  • ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිලට ‘Amul’ සවිය වෙයි
    ලබන ජුනි මසදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ජාත්‍යන්තර නාමයක් සහිත ප්‍රමුඛ පෙළේ ඉන්දියානු කිරි නිෂ්පාදනායතනයක් […]
  • දසුන් සහ බිනුරගේ දක්ෂතා නිසා රෙඩ්ස් පිලට ජය
    ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සංවිධානය කරන ක්‍රිකට් තරගාවලියේ මැයි 08 වැනිදා පැවැති රෙඩ් සහ […]
  • පස්වන එක්දින තරගයේ ජයත් ඇෆ්ගනිස්තානයට
      ශ්‍රී ලංකා ‘ඒ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පස්වන සහ අවසාන එක්දින තරගයෙන් කඩුලු පහක ජයක් අත්කර ගැනීමට අද (07) ඇෆ්ගනිස්තාන […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee