slc
logo
Home   |    News
නොවැම්බර් 3, 2023
ලෝක කුසලාන දක්ෂතා සම්බන්ධයෙන් පුහුණුකරුවන්ගෙන් – තේරීම් කමිටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු විමසයි

sinhala editor

 

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන ලද දක්ෂතා සම්බන්ධයෙන් ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයෙන් මෙන්ම තේරීම් කමිටුවෙන් පැහැදිළි කිරීමක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ඉල්ලා සිටියි.

ඉන්දියාවට එරෙහිව නොවැම්බර් 02 වැනිදා පැවැති තරගයේදී ලද දරුණු පරාජය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි කණස්සල්ල සහ කලකිරෙන බව ප්‍රකාශ කර ඇත. එම ලද දරුණු පරාජය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සමස්ථ පුහුණු කාර්යය මණ්ඩලයෙන් සහ තේරීම් කමිටුවෙන් මෙම හදිසි මෙන්ම සවිස්තරාත්මක පැහැදිළි කිරීම ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇත.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යනු ගෞරවනීය තරගාවලියක් වන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්වනු ලබන දක්ෂතා ජාතියට මෙන්ම ලොව පුරා විසිරී සිටින ක්‍රීඩා ලෝලීන්ට ඉමහත් ආඩම්බරයක් ගෙන දෙන්නක් වනු ඇත.

කෙසේ වෙතත් මෑත කාලීන ශ්‍රී ලංකා කණ්ඩායමේ සමස්ථ දස්කම් සහ කම්පන සහගත පරරාජයන්, කණ්ඩායමේ සූදානම, උපාය මාර්ග සහ දක්ෂතා පිළිබඳව සැලකිය යුතු ප්‍රශ්න මතු කරවන්නක් වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලයේ කිසිදු කටයුත්තකට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය කිසි විටෙකත් ඔවුනගේ රාජකාරි සහ වගකීම් වලට බාධා නොකළේය. එවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, වගකීම, විනිවදභාවය සහ විෂය කරුණු කඩිනමින් විසදීමේ වැදගත් භාවය පිිළිබඳව තරයේ වීශ්වාසය පළ කර සිටියි.

මෙහිදී අදාළ පැැහදිළි කිරීම සමස්ථ පුහුණු කාර්යය මණ්ඩලයෙන්ම ඉල්ලා සිටින්නේ කණ්ඩායමේ බලාපොරොත්තු සුන්කරවන කාර්ය සාධනය පිටුපස ඇති හේතු කුමක්ද යන්න තේරුම් ගැනීම සහ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනාගැනීම අරමුණු කරගෙනය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරුණු 4 ක් මූලික කර ගනිමින් පුහුණු කාර්යය මණ්ඩලයෙන් කරුණු පැහැදිළි කරන ලෙස දැනුම් දී සිටියි.

  1. උපාය මාර්ග සහ සූදානම් වීම – තරගය අතරතුර කණ්ඩායමේ උපාය මාර්ග, මෙන්ම සූදානම සහ උපායශීලී තීරණ පිළිබද අවධෙයක් ලබා දීම.
  2. කණ්ඩායම් තේරීම – එක් එක් තරගය සඳහා ක්‍රීඩකයින් තේරීමේ සාධාරණීයකරණය කිරීම සහ ක්‍රීඩා කරන අවසන් 11 දෙනා වෙත සිදුකරන වෙනස්කම් පිළිබඳ පැහැදිළි කිරීමක්.
  3. ක්‍රීඩකයින්ගේ කාර්යය සාධනය – පුද්ගල සහ කණ්ඩායම් ක්‍රියාකාරීත්වය තක්සේරු කිරීම මෙන්ම ශක්තීන් සහ දුර්වලතා ඉස්මතු කිරීම මෙන්ම ඕනෑම ආබාධයක් හෝ යෝග්‍යතා ගැටළු විසඳීම.
  4. තරගයකින් අනතුරුව දක්ෂා විශ්ලේෂණය – තරගයකින් අනතුරුව පුහුණු කාර්යමණ්ඩලය විසින් පවත්වනු ලබන පශ්චාත් තරග විශ්ලේෂණය කණ්ඩායම අතර බෙදා ගැනීම සහ ඒ සම්බන්ධව ගනු ලැබූ ප්‍රධාන පියවරයන් සම්බන්ධව පැහැදිළි කිරීම.

ජයග්‍රහණය මෙන්ම පරාජයන්ද ක්‍රීඩාවේ කොටසක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තේරුම් ගෙන සිටින නමුත්, මෑත කාලීන කණ්ඩාය ලද පරාජයන් විශේෂයෙන්ම කණ්ඩායම අධෛර්යමත් කරවන සුලු තත්ත්වයක වේ.

වැඩි දියුනු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගෙන අනාගත තරග වලදී වඩාත් තරගකාරී ලෙසින් ක්‍රීඩා කිරීම සහතික කිරීම සඳහා නිර්මාණාත්මක තත්ත්වයක් නිර්මාණය කිරීම මෙම කරුණු විමසීමේ ප්‍රධාන අරමුණ වී තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට තවත් තරග 2 කට ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරග වලදී කණ්ඩායමේ දක්ෂතා ඉහළ නැංවීමට අවශ්‍ය දැඩි කැපවීම පෙන්නුම් කරමින් පුහුණු කාර්යය මණ්ඩලය කඩිනම් සහ සවිස්තරාත්මක ප්‍රතිචාරයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා කර සිටියි.

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee