slc
logo
Home   |    News
දෙසැම්බර් 2, 2023
තුන්දින ක්‍රිකට් මූලික වටයේ අවසන් සතිය

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසාන සති අන්තයේ තරග දෙසැම්බර් 1 – 3 දක්වා පැවැත් වේ.
මූලික වටයේ තරග අතුරින් කණ්ඩායම් රැසක්ම මේ වන විට තරග නවයකට බැගින් සහභාගි වී සිටින අතර මේ දක්වා ‘ඒ ‘ කොටසෙන් එස්.එස්.සී. කණ්ඩායමත් ‘බී‘ කොටසෙන් ශ්‍රී ලංකා පොලීසියත් ඉදිරියෙන් පසුවෙති.
‘ඒ ‘ කොටසෙන් මේ වන විට එස්.එස්.සී. කණ්ඩායම ඉදිරියෙන් පසු වන්නේ තරග නවයකට සහභාගි වී ඉන් තරග තුනක් ජයගෙන එකම තරගයක්වත් පරාජය නොවී ලකුණු 97.57ක් ලබා ගනිමිනි.
 ‘බී‘ කොටසෙන් පොලීසිය ඉදිරියෙන් පසු වන්නේ තරග නවයකට සහභාගි වී ඉන් තරග තුනක් ජයගෙන එකම තරගයකින්වත් පරාජය නොවී සාමාන්‍ය ලකුණු 102.64ක් රැස් කරමිනි.
‘ඒ ‘ කොටසේ කණ්ඩායම් අතුරින් ප්‍රථම ස්ථානයේ සිට පස්වන ස්ථානය තෙක් කණ්ඩායම් පසු වන්නේ පහත දැක්වෙන අයුරිනි.
එස්.එස්.සී. (97.57) කෝල්ට්ස් (83.17) රාගම (74.18) බී.ආර්.සී. (68.64) සහ සී.සී.සී (68.59ක්) ලෙසිනි.
‘බී‘ කොටසේ කණ්ඩායම් අතුරින් ප්‍රථම ස්ථානයේ සිට පස්වන ස්ථානය තෙක් කණ්ඩායම් පසු වන අයුරු මෙසේය. ශ්‍රී ලංකා පොලීසිය (102.64) එන්.සී.සී. (95.63) ඒස් කැපිටල් (86.91) බ්ලුම්ෆීල්ඩ් (77.1) සහ ටැමිල් යුනියන් (74.24) අයුරිනි.
මේජර් තුන්දින අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලියට මෙවර ද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේත් ශ්‍රී ලංකා පළමු ශ්‍රේණියේ ක්‍රීඩකයන් සියල්ලම සහභාගි විණි. මේ දක්වාම මේ තරගාවලිය තුළින් තරුණ ක්‍රීඩකයන් රැසකගේ දක්ෂතා ඉස්මතු වන අයුරු හොඳින් දැක ගැනීමට අවස්ථාව ලැබිණි.
තරගාවලියේ අවසාන මහා තරගය 7 – 10 දක්වා සිව් දින තුළදී පැවැත්වීමට නියමිතය.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee