slc
logo
Home   |    News
මාර්තු 19, 2024
බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 22 වැනිදා ආරම්භ වීමට නියමිත පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයන් 17කගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ.

යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ ක්‍රීඩක සංචිතය සඳහා සිය අනුමැතිය ලබා දී තිබේ.

පස්දින ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වනුයේ මාර්තු 22 – 26 දක්වා සිලෙට් නගරයේදී සහ මාර්තු 30 – අප්‍රේල් 03 දක්වා චිතගොං නගරයේදීය. ධනංජය  ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙසත් කුසල් මෙන්ඩිස් උපනායකයා ලෙසත් නම් කර සිටී.

 බංග්ලාදේශය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය

ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උපනායක) දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ළහිරු උදාර, වනිඳු හසරංග, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, නිශාන් පීරිස්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ චාමික ගුණසේකර

බන්දුල

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar