slc
logo
Home   |    News
මාර්තු 24, 2024
කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත් වෙති

Sri Lanka Cricket

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා විස්සයි 20 සහ එක්දින තරගාවලියකට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (23) දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියහ.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් මේ කණ්ඩායමට ක්‍රීඩිකාවන් 17ක් ඇතුළත් වේ. ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව නම් කළ මේ ක්‍රීඩිකාවන් 17කගේ සංචිතයට යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නොබෝදා සිය අනුමැතිය ලබා දුන්නේය.

මේ තරගාවලියට විස්සයි 20 තරග තුනක් ද එක්දින තරග තුනක් ද ඇතුළත්ය. මෙහි එක්දින තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව සංවිධානය කරන කාන්තා එක්දින ජාත්‍යන්තර තරගාවලියට අයත් වේ.

දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය ක්‍රීඩිකාවන් 17කගෙන් යුත් සංචිතය

චමරි අතපත්තු (නායිකාව) විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හෂිනි පෙරේරා, අවිශ්කා සංජීවනී, ඕෂදී රණසිංහ, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය, හංසිමා කරුණාරත්න, ඉමේෂා දුලානි, කාව්‍යා කවිඳි, ඉරෝෂි ප්‍රනාන්දු, සුගන්ධිකා කුමාරි සහ ප්‍රසාදිනී වීරක්කොඩි

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee