slc
logo
Home   |    News
මැයි 9, 2024
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරියෝ වෙති

sinhala editor

කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් අබුඩාබි නුවරදී පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරියන් බවට පත්වීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ සමත්වූහ. අදාළ අවසන් මහ තරගයේදී ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 68 ක පරාජයකට ඇද දමමින් ශ්‍රී ලංකා කාන්තා පිල මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්කර ගත්හ.

මෙම ජයග්‍රහණයත් සමඟ මෙම මස ඔක්තෝම්ර් මසදී බංග්ලාදේශයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. මෙහිදී ‘ඒ‘ කාණ්ඩය යටතේ තරග වැදීම සඳහා සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, එම තරග වටයේදී ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්තානය යන රටවල් සමග තරග වදිනු ඇත.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 අවසනදී කඩුලු 5 කට ලකුණු 169 ක් ලබාගත් නමුත් ඊට පිළිතුරු හඹා යෑමේදී ස්කොට්ලන්ත පිතිකාරිණියන්ට පන්දුවාර 20 අවසනදී රැස්කරගත හැකි වූයේ කඩුලු 7 ට ලකුණු 101 ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නියැළුණු නායිකා අතපත්තු පන්දු 63 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 102 ක් රැස් කරගත්තාය. එය චමරිගේ විස්සයි-20 තරග දිවියේ දෙවැනි ශතකය ලෙසින් සනිටුහන් විය. ලකුණු 55 කට පළමු කඩුලු 3 ම බිද වැටී තිබියදී නිලක්ෂි ද සිල්වා සමග එක් වුණු චමරි සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු සංංඛ්‍යාව පන්දු 65 කද 106 ක් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ උදේශිකා ප්‍රොෙබා්ධනී පන්දුවාර 4 කදී ලකුණ   13 කට කඩුලු 3 ක් දවා ගත්තාය.

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 169 යි – චමරි අතපත්තු 102, විශ්මි ගුණරත්න 09, හර්ෂිතා සමරවික්‍රම 08, කවීෂා දිල්හාරි 15, නිලක්ෂි ද සිල්වා 26*, හසිනි පෙරේරා 00, අනුෂ්කා සංජීවනී 00*)

ස්කොටලන්ත පිල පන්දුවාර 20 කදී කඩලු 7 ට ලකුණු 101 යි – (සස්කියා හෝර්ලේ 10, පියනාස් චැටර්ජි 30, ලෝමා ජැක් 12, රෂෙල් ස්ලේටර් 15*, කෝල් අබෙල් 11*, උදේශිකා ප්‍රෙබා්ධනී 13/3)

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee