slc
logo
Home   |    News
මැයි 2, 2024
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක ජයක් ලැබීය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට මෙම තරගාවලියේදී සහභාගි වූ තරග තුනම ජයගෙන දැනටමත් අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලබා සිටී.

ශ්‍රී ලංකා සහ උගන්ඩා කාන්තා කණ්ඩායම් අතර අද පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු හතරකට රැස් කළ ලකුණු 154ට පිළිතුරු ලෙස උගන්ඩා කාන්තා කණ්ඩායම රැස් කළේ ඕවර 19.2කදී සියල්ල දැවී ලකුණු 87කි.

මෙහිදී ඉනෝකා රණවීර, ශෂිනි ගිම්හානි සහ කවිෂා දිල්හාරි කඩුලු දෙක බැගින් දවාලීමට සමත් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීමටය.

මෙදින ශ්‍රී ලංකා ඉනිමේදී අර්ධ ශතක දෙකක සබඳතාවයන් වාර්තා විණි. ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා වන විශ්මි ගුණරත්න සහ නායිකාව චමරි අතපත්තු ප්‍රථම කඩුල්ලට පන්දු 46කදී රැස් කළ ලකුණු 50ත් ආරම්භක පිතිකාරිණිය විශ්මි ගුණරත්න සහ හසිනි පෙරේරා තෙවන කඩුල්ලට පන්දු 51කදී එක් කළ ලකුණු 65ත් එම සබඳතාවයන්ය.

ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතුරින් මෙදින වඩාත්ම කැපී පෙනුණේ විශ්මි ගුණරත්නය. ආරම්භක පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි 18 හැවිරිදි දකුණත් පිතිකාරිණිය වන විශ්මි ගුණරත්න අවසාන පන්දු ඕවරය (20) නිම වන තෙක්ම නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඇය නොදැවී ලකුණු 73ක් රැස් කළේ පන්දු 64කට මුහුණ දී හතරේ හතක් සහ හයේ පහරක් සමඟය.

නායිකාව චමරි අතපත්තු පන්දු 21කට මුහුණ දී හතරේ තුනක් සහ හයේ පහරක් සමඟ ලකුණු 24ක් ද අංක හතර පිතිකාරිණිය හසිනි පෙරේරා පන්දු 24කදී හතරේ දෙකක් සහ හයේ පහරක් සමඟ ලකුණු 30ක් ද රැස් කළහ.

උගන්ඩා කාන්තා කණ්ඩායමේ ප්‍රොස්කොවියා අලාකෝ පන්දු 32කදී හතරේ පහක් හයේ පහරක් සමඟ ලකුණු 36ක් රැස් කිරීමට සමත් විණි.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව පන්දුවාර 20කදී කඩුලු 4ට 154යි – (විශ්මි ගුණරත්න නොදැවී 73, හසිනි පෙරේරා 30, චමරි අතපත්තු 24, ජැනට් මැබාසි 19/1යි)

උගන්ඩාව ඕවර 19.2කදී සියල්ල දැවී 87යි – (ප්‍රොස්කොවියා අලාකෝ 36, ජැනට් මැබාසි 14, ඉනෝකා රණවීර 10/2, ශෂිනි ගිම්හානි 23/2, කවීෂා දිල්හාරි 27/2)

 

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

USD United States (US) dollar