slc
logo
Home   |    News
මැයි 23, 2024
යොදාගත් පරිදිම එල්.පී.එල්. ඉදිරියට ඇදෙයි

sinhala editor

තරග පාවාදීම් සම්බන්ධව ක්‍රීඩකයින්ට බලපෑම් සිදුකළේ යැයි සැකපිට දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවකු අත්අඩංගුවට පත් වුවද ලබන ජූලි මස පැවැත්වීමට සැලසුම් කර පරිදිම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට පියවර ගනු ලබන බව එහි සංවිධායක අයිතිය හිමි අයි.පී.ජී. ආයතනය නිවේදනය කර සිටියි. සාධාරණ මෙන්ම ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කිරීම සහ සහතිකය කිරීමට ඇති කැපවීම අලලා තරගාවලිය යොදාගත් පරිදිම කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් සම්පූර්ණ තරග කාලටසහන සමඟින් ඉදිරියට යනු ඇත.

දඹුල්ල කණ්ඩායම තෝරා ගැනීමේදී සිදුවූ තීන්දු තීරණ කිසිවක වෙනසකින් තොරව නව හිමිකාරීත්වයක් යටතේ තරගාලිය පැවැත්වීම කෙරෙහි තරග සංවිධායකයින් මේ වන විටත් අවධානය යොමු කොට තිබේ. දඹුල්ල කණ්ඩායමේ අඛණ්ඩ සහභාගිත්වය පිළිබඳව අවධානය යොමු කර තිබෙන අයි.පී.ජී. ආයතනය එම කටයුත්තේ අවසන් අදියරයට මේ වන විටත් පැමිණ සිටින බවද දැනුම් දී සිටියි.

තරගාවලයේ සංවිධාන අයිතිය හිමි අයි.පී.ජී. සමාගම සෑම විටම එය ඉහළම ප්‍රමිතියකින් යුක්තව පැවැත්වීම කෙරෙහි ඇති හැකියාව පිළිබඳව නිරන්තරයෙන්ම කැපවී සිටින ආයතනයකි. ඒ අනුව තරගාවලිය පුරාවම එහි අඛණ්ඩතාවය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරමින් පවත්වනු ලබන බව එම අයාතනය සියලුම ක්‍රීඩකයින්ට, ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම පාර්ශ්වකරුවන්ට දැනුම් දී සිටියි.

“එල්.පී.එල්. තරගාවලියේ සංවිධායකයින් විදියට අයි.පී.ජී. සමාගම නිරන්තරයෙන්ම ඉහළම ප්‍රමිතීන් රඳවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. එම ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා අපි නොසැලී කැපව සිටිනවා පමණක් නොවෙයි. තරගාවලිය පුරා ම ක්‍රිකට් ක්‍රීඩාවේ ගරුත්වය ආරක්ෂා කරන බවට අපි සියලුම ක්‍රීඩකයින්ට, ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම සියලුම පාර්ශ්වකරුවන්ට සහතික වෙනවා“ යැයිද මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් අයි.පී.ජී. සමාගේ සභාපති අනිල් මොහාන් දැනුම් දී සිටියි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි මස 01 වැනිදා සිට 21 වැනිදා දක්වා මහනුවරින් ආරම්භ වී පසුව දඹුල්ලේදීත් අවසන් අදියර කොළඹදීත් පැවැත්වීමට සැලසුම් යොදා තිබේ.

Active filters

Recent Posts

  • 21 න් පහළ අවසන් ගැටුම සෙබස්තියනයිට්ස් සහ මැලේ අතර
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 21 න් පහළ ටියර් ‘බී‘ කොටසේ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ සටන සඳහා සුදුසුකම් ලබා ගැනීමට මොරටුව සෙබස්තියනයිට්ස් සහ මැලේ […]
  • ආණ්ඩුකාර කුසලාන අවසන් පූර්ව තරග ජුනි 22 වැනිදා  
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ආණ්ඩුකාර කුසලාන පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීම වෙනුවෙන් වන අවසන් කඩඉම වන අර්ධ අවසන් තරග […]
  • ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන නිමා කරයි
    ග්‍රොස් අයිලට් නුවර ඩැරන් සාමි ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නෙදර්ලන්ත පිලට එරෙහිව ලකුණු 83 ක විශිෂ්ඨ තරග ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ගමන […]
  • සී.සී.සී. අපරාජිතව පෙරමුණේ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ අද (16) නිමාවූ සීසීසී හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 74ක ජයක් […]
  • මැතිව්ස් ජනතාව වෙත කණගාටුව පළ කරයි
    ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් වීමට සිදුවීම පිළිබඳව කණ්ඩායම වෙනුවෙන් තමා ශ්‍රී ලංකාවාසීනට කණගාටුව පළ කරන බව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee