slc
logo
Home   |    News
මැයි 11, 2024
ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා පිලේ නිල ජර්සිය එළිදැක්වේ

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරුවන Moose Clothing සමාගම එළැඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිල ටීෂර්ටය (ජර්සිය) එළැදැක්වීම ඊයේ සිදු කෙරුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු ගෞරවනීය සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ජා ඇළ පිහිටි Moose Clothing සමාගම් පරිශ්‍රයේදී මෙම එළිදැක්වීම සිදුකෙරුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, Moose Clothing සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හසීබ් ඕමාර් මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයින් වූහ.

මෙම නව ජර්සිය ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය සංචාරක මර්මස්ථාන ඇතුළු ශ්‍රී ලාංකේය උරුමයන් ඉස්මතු වන ආකාරයෙන් නිර්මාණයකොට තිබීම විශේෂත්වයකි. මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ උත්ප්‍රේරකයක් ලෙස මෙම ජර්සිය භාවිතා කිරීමද Moose Clothing සමාගමේ අරමුණකි. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල, ආරක්කු 9කින් යුත් පාලම, හඹරන අලි එකතුව, ශ්‍රී ලංකාවේ සඳකඩ පහන, ජාතික කොඩියේ එන සිංහ රුව ආදී සංකේත මෙම ජර්සි නිර්මාණයට යොදා ඇත. එයින් ශ්‍රී ලාංකිකයින් සතු අභියෝග සඳහා ඔරොත්තුදීමේ හැකියාව නොසැලෙන අධිෂ්ඨානය හා නොපසුබට උත්සහය පිළිඹිබු කරයි.

එබැවින් මෙම ජර්සිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඉතා අභිමානයෙන් යුතුව පැළදිය හැකි බවට විශ්වාසයකි. ශ්‍රී ලාංකේය ජනතාවගේ බලාපොරොත්තු හා සිහින ඉටු කිරීම සංකේතවත් කරමින් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ජයග්‍රහණ කරා යනු ඇතැයි සියලු දෙනාගේ අපේක්ෂාව වේ.

Moose Clothing ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි හසීබ් ඔමාර් මහතා පැවැසූවේ නව නිල ජර්සිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිල වෙත පිළිගැන්වීමට ලැබීම සතුටට කරුණක් බවය.

“මේ නව නිල ජර්සිය මගින් ශ්‍රී ලංකා අභිමානය ගෝලීය වශයෙන් විදහා දැක්වෙනවා. ක්‍රීඩකයින් දිරිමත් කිරීම වගේම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය පිළිබඳ ලෝකය වෙත පණිවිඩයක් ගෙන යනවා“ ඔමාර් මහතා පැවැසීය. Moose Clothing හා ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනඟාගත් සහයෝගය ගෝලීය වශයෙන් කීර්තිමත් විලාසිතා ප්‍රමුඛයෙකු බවට පත්වීමේ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත්කර ගැනීමට මහත් ශක්තියක් බවද ඒ මහතා සඳහන් කළේය.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee