slc
logo
Home   |    News
මැයි 9, 2024
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරියෝ වෙති

sinhala editor

කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් අබුඩාබි නුවරදී පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරියන් බවට පත්වීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ සමත්වූහ. අදාළ අවසන් මහ තරගයේදී ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 68 ක පරාජයකට ඇද දමමින් ශ්‍රී ලංකා කාන්තා පිල මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්කර ගත්හ.

මෙම ජයග්‍රහණයත් සමඟ මෙම මස ඔක්තෝම්ර් මසදී බංග්ලාදේශයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. මෙහිදී ‘ඒ‘ කාණ්ඩය යටතේ තරග වැදීම සඳහා සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, එම තරග වටයේදී ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්තානය යන රටවල් සමග තරග වදිනු ඇත.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 අවසනදී කඩුලු 5 කට ලකුණු 169 ක් ලබාගත් නමුත් ඊට පිළිතුරු හඹා යෑමේදී ස්කොට්ලන්ත පිතිකාරිණියන්ට පන්දුවාර 20 අවසනදී රැස්කරගත හැකි වූයේ කඩුලු 7 ට ලකුණු 101 ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නියැළුණු නායිකා අතපත්තු පන්දු 63 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 102 ක් රැස් කරගත්තාය. එය චමරිගේ විස්සයි-20 තරග දිවියේ දෙවැනි ශතකය ලෙසින් සනිටුහන් විය. ලකුණු 55 කට පළමු කඩුලු 3 ම බිද වැටී තිබියදී නිලක්ෂි ද සිල්වා සමග එක් වුණු චමරි සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු සංංඛ්‍යාව පන්දු 65 කද 106 ක් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ උදේශිකා ප්‍රොෙබා්ධනී පන්දුවාර 4 කදී ලකුණ   13 කට කඩුලු 3 ක් දවා ගත්තාය.

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 169 යි – චමරි අතපත්තු 102, විශ්මි ගුණරත්න 09, හර්ෂිතා සමරවික්‍රම 08, කවීෂා දිල්හාරි 15, නිලක්ෂි ද සිල්වා 26*, හසිනි පෙරේරා 00, අනුෂ්කා සංජීවනී 00*)

ස්කොටලන්ත පිල පන්දුවාර 20 කදී කඩලු 7 ට ලකුණු 101 යි – (සස්කියා හෝර්ලේ 10, පියනාස් චැටර්ජි 30, ලෝමා ජැක් 12, රෂෙල් ස්ලේටර් 15*, කෝල් අබෙල් 11*, උදේශිකා ප්‍රෙබා්ධනී 13/3)

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee