slc
logo
Home   |    News
ජූනි 20, 2024
යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය 24 දා ඇරඹෙයි

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩයක් ලෙසින් සැලකෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලිය මෙම මස 24 වැනිදා මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. සමාරම්භක දිනයේදී කොළඹ උතුරු කණ්ඩායමත් කොළඹ දකුණු කණ්ඩායමත් තරග වැදීමට නියමිතය.

ජුනි 24 වැනිදා සිට ජූලි 01 වැනිදා දක්වා පැවැත්වෙන මෙම පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය සඳහා මෙවරත් කණ්ඩායම් 5 ක් තරග වදිති. ඉහත කණ්ඩායම් 2 ට අමතරව, ගාල්ල, දඹුල්ල සහ මහනුවර යන කණ්ඩායම් මෙවර තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් වෙති.

මූලික වටය යටතේ සෑම කණ්ඩායමකටම තරග 4 බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර එම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකට පත්වන ඛණ්ඩායම් ලබන ජූලි මස 01 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබනු ඇත. මෙම තරගාවලියේ මූලික වටයේ තරග සරේ ක්‍රීඩාංගණය හැරුණු කොට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණය, කොළඹ තර්ස්ටන් සහ කෝල්ට්ස් යන ක්‍රීඩාංගණවල පැවැත්වේ.

ගතවූ 2023 වසරේ පැවැති යූත් ලීග් තරගාවලියේදී ප්‍රබල කොළඹ උතුරු කණ්ඩායම කඩුලු 6 කින් පරාජයට පත් කරමින් ශූරතාව දිනා ගැනීමට මහනුවර කණ්ඩායම සමත්විය. පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රාහී මහනුවර කණ්ඩායම රහල් අමරසිංහ විසින් මෙහෙයවනු ලැබීය.

තරග කාලසටහන

ජුනි 24 – කොළඹ දකුණු සහ කොළඹ උතුර අතර සරේ ක්‍රීඩාංගණය

ජුනි 25 – ගාල්ල සහ දඹුල්ල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

ජුනි 25 – මහනුවර සහ කොළඹ උතුර අතර සරේ ක්‍රීඩාංගණයේදී

ජුනි 26 – දඹුල්ල සහ කොළඹ දකුණු අතර තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී

ජුනි 27 – කොළඹ දකුණ සහ මහනුවර අතර තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී

ජුනි 27 – ගාල්ල සහ කොළඹ උතුර අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

ජුනි 28 – දඹුල්ල සහ මහනුවර අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

ජුනි 28 – කොළඹ දකුණ සහ ගාල්ල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

ජුනි 30 – මහනුවර සහ ගාල්ල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

ජුනි 30 – කොළඹ උතුර සහ දඹුල්ල අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

ජූලි 01 – අවසන් මහ තරගය කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී

ගිය වර ශූරතාව දිනූ මහනුවර කණ්ඩායම.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

USD United States (US) dollar