slc
logo
Home   |    News
ජූනි 11, 2024
කොදෙව් කාන්තා පිලට එරෙහි ශ්‍රී ලංකා පිල නම් කරයි

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15කගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද ප්‍රකාශයට පත්විය.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා පිල හා කොදෙව් කාන්තා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ 15 වැනිදා සිට 21 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා එක්දින සංචිතය මෙසේය‍:

චමරි අතපත්තු (නායිකා) විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා, කවිෂා දිල්හාරි, හංසිමා කරුණාරත්න, අනුෂ්කා සංජීවනී, ඔෂධී රණසිංහ, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, සචිනි නිසංසලා, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, කාව්‍යා කාවින්දි

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee