slc
logo
Home   |    News
ජූනි 12, 2024
ශ්‍රී ලංකා – නේපාල තරගය වැස්සට සේදෙයි

sinhala editor

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය සොයා පිටියට පිවිසි ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. මේ හේතුවෙන් කණ්ඩායම් දෙකටම එක ලකුණ බැගින් ලැබී ඇත. මේ අතර සහභාගී වූ තරග තුනෙන්ම ජයගත් දකුණු අප්‍රිකාව සුපිරි කණ්ඩායම් අට සදහා තේරී පත්වී ඇත.

විටින් විට ඇඳ හැලුණු වර්ෂාව හේතුවෙන් අමෙරිකාවේ ලව්ඩර්හිල්හි පැවැති තරගය එකඳු පන්දුවක් හෝ යැවීමට නොහැකිව අවසන් විය. මෙය ශ්‍රී ලංකා පිලට තරමක අවාසිදායක සිඳුවීමක් විය.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවට සුපිරි අට වටයට පිවිසීම සඳහා ඉතාම සියුම් අවස්ථාවක් ඉතිරිව ඇත. හෙට (13) කිංග්ස්ටවුන් හි පැවැත්වෙන බංගලාදේශ – නෙදර්ලන්ත තරගය වැස්සට මුළු මනින්ම සෝදා යා යුතු අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් සෑම කණ්ඩායමකටම එක ලකුණ බැගින් හිමි වේ. එම තරගයේ එක් කණ්ඩායමකට ලකුණු දෙකක් ලැබුණහොත් ශ්‍රී ලංකාවට සුපිරි අට වටයේ අවස්ථා අහිමි වේ.

මේ 17 වැනිදා රාත්‍රී පැවැත්වෙන නේපාල – බංග්ලාදේශය අතර තරගයෙන් නේපාලය සුළු පරතරයකින් බංග්ලාදේශය පරාජය කළ යුතුවේ. දකුණු අප්‍රිකාව මේ 15දා පැවැත්වෙන තරගයේදී නේපාලය පරාජය කළ යුතුය. ශ්‍රී ලංකාව 17 වැනිදා පැවැත්වෙන තරගයේදී නෙදර්ලන්තය විශාල පරතරයකින් පරාජය කළ යුතු වේ.

එවිට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලය ප්‍රසාද ලකුණු තුනකින් අවසන් වනු ඇත. ශුද්ධ ලකුණු අනුපාත පසුව ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකා පිල කණ්ඩායම් තුනටම වඩා ඉහළින් එම ශුද්ධ ලකුණු වේගය තබා ගැනීමට වග බලා ගත යුතුය.

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

USD United States (US) dollar