slc
logo
Home   |    News
ජූනි 15, 2024
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලියේ පෙරමුණ ගනිති

sinhala editor

ලබන වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක තරගාවලියක් ලෙසින් අද (15 දා) හම්බන්තොටදී ආරම්භ වුණු පළමු එක්දින තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

ලකුණු 195 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේදී නිලක්ෂි ද සිල්වාගේ පිත්තෙන් එල්ල වුණු හතරේ පහරත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ ජයග්‍රහණය සනිටුහන් වන විට ලකුණු පුවරුවේ පන්දුවාර 15 කුත් පන්දු 5 ක් ඉතිරිව තිබිණ. කඩුලු 4@ ක් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නියන් හමුවේ ලබාදෙමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වද්දී හර්ෂිතා සමරවික්‍රමගේ නමින් පන්දු 53 කදී ලකුණු 43 ක්ද නිලක්ෂි ද සිල්වා පන්දු 2 කදී ලකුණු 8 ක් ද ලබා සිටියහ.

මෙම හඹා යෑමේදී නායිකා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න ලකුණු 88 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ස්ථාවර ආරම්භය ලබා දුන්හ. ඇලීන්ගේ පන්දුවකට පුල්  පහරක් එල්ල කිරීමට දරන ලද උත්සාහයේදී ඇය පෙරළා උඩපන්දුවක් රැක ගැනීම නිසා විශ්මිට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය .ඒ වන විටත් ඇය අර්ධ ශතකයට ලකුණු 10 ක් මෑතින් සිටියාය. පන්දු 51 ක් පුරා විසිරුණු විශ්මිගේ ඉනිම හතරේ පහර 5 කින් වර්ණවත්ව තිබිණ.

වෙනදා දිග හැරෙන සිය සුපුරුදු පිතිහරඹ ප්‍රහාරය චමරිගෙන් දිස් නොවූ නමුත් ඇය පන්දු 36 කදී ලකුණු 38 ක් ලබා ගත්තාය. හතරේ පහර 6 කින් එම ඉනිම සමන්විත විය. විශ්මිගේ දැවී යෑමත් සමඟ ලකුණු 13 ක් ඇතුළත චමරි සහ කවීෂා දිල්හාරිද දැවී යෑම ශ්‍රී ලංකාවේ හඹා යෑම තරමක දෙදරවන්නක් විය.

එහෙත් සිව්වැනි කඩුල්ලට හර්ෂිතා සමරවික්‍රමට එකතු වුණු හසිනි පෙරේරා බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩ නගන ලද්දේ වැඩි කලබලයකින් තොරවය. ක්‍රීඩිකාවන් නොමැති තැන් වලට පන්දුව ස්ථාන ගත කිරීම, කඩුලු අතර වේගයෙන් දිව යෑම එම සම්බන්ධතාවයේ වටිනාකම තවත් වැඩි කරවන්නක් විය. ලකුණු 77 ක් වශයෙන් සනිටුහන් වුණු එම කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ වැටුණේ මැද ඉන්න කෙළින් ආ පන්දුවකට හෂිනි පෙරේරා එල්ල කරන ලද ස්වීප් පහර වැරදී යෑමෙනි. ෆ්ලෙචර්ගේ පන්දුවක් හමුවේ හර්ෂිතා දැවී යන විට ශ්‍රී ලංකා ජයග්‍රහණයට අවශ්‍යව පැවැතියේ ලකුණු 22 ක් පමණි. පන්දු 59 කට මුහුණ දුන් හසිනි ලබා ගත් ලකුණු 43 සඳහා හතරේ පහර 7 ක් එල්ල කර තිබුණාය.

ඉනිම අවසන් වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කර ගත් අංක 3 වමත් පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූයේ තම ඉනිම හතරේ පහර 5 කින් වර්ණවත් කර ගනිමිනි.

කාසියේ වාසියේ ආරාධනයත් සමඟ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 47.1 කදී සියලු දෙනා ලකුණු 195 කට දැවී ගියේය. පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි ලකුණු 30 කට කඩුලු 3 ක්ද කවීෂා දිල්හාරි ලකුණු 41 කට කඩුලු 3 ක්ද දවා ගත්හ. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූයේ නායිකා හේලි මැතිව්ස් වන අතර ඇය පන්දු 53 කට මුහුණ දෙමින් ලකුණු 38 ක් ලබා ගත්තාය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි තරගය ලබන 18 වැනිදා හම්බන්තොටදී පැවැත්වේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 47.1 කදී ලකුණු 195 යි – (හේලි මැතිව් 38, ෂෙමයින් කැම්ප්බෙල් 27, ස්ටැෆනී ටේලර් 33, ෂිනෙල් හෙන්රි 13, ආලියා අලිනී 14, ක්‍රිෂ්මා රම්හරක් 14*, සුගන්ධිකා කුමාරි 30/3, කවීෂා දිල්හාරි 41/3, අචිනි කුලසූරිය 30/1, චමරි අතපත්තු 21/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 34.1 කදී කඩුලු 4 ට ලකුණු 198 යි – (විශ්මි ගුණරත්න 40, චමරි අතපත්තු 38, හර්ෂිතා සමරවික්‍රම 44, හසිනි පෙරේරා 43*, නිලක්ෂිකා සිල්වා 08*, අෆි ෆ්ලෙචර් 31/2, ආලියා අලිනී 22/2)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee