නායක සිතුක ගුණවර්ධනගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 21 න් පහළ ටියර් බී දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවදිනා ගැනීමට කොළඹ මැලේ ක්‍රිකට් සමාජය අද (23 දා) පස්වරුවේදී සමත්විය. මොරටුව සෙබස්තියනයිට්ස් පිලට එරෙහිව වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කළ මැලේ ක්‍රීඩකයෝ ශූරතා කුසලාන සමඟ මුදලින් ලක්ෂ 4 ක ත්‍යාගයද තමන් සතු කර ගත්හ. අනුශූරතාවට පත් සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයට රු. ලක්ෂ 2ක මුදලක් පිරිනැමිණ.
ජුනි 22 සහ 23 යන දෙදින පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සෙබස්තියනයිට්ස් පිල ලකුණු 173 කට සීමා කළ සිතුක ගුණවර්ධන ප්‍රමුඛ මැලේ පන්දු යවන්නෝ සමත්වූහ. එම ඉලක්කය හඹා ගිය මැලේ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 211 ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගත්හ. නැවතත් දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සෙබස්තියනයිටස් කණ්ඩායම කඩුලු 9 කට ලුණු 144 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ජයග්‍රහණය සඳහා ලකුණු @ ක මැලේ කණ්ඩායමට ලබා දුන් නමුත් පළමු ඉනිමෙන් ඔවුන් පළමු ඉනිමේ ජයග්‍රහණයෙන් පමණක් සෑහීමකට පත් විය. කෙසේ වෙතත් දෙපිළේ එකඟත්වයෙන් තරගය නිමා කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි මැලේ කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 17 ක් රැස් කරගෙන සිටියේය.
මෙම තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 72 කට කඩුලු 5 ක් දවාලූ මැලේ නායක සිතුක ගුණවර්ධන යළිත් දෙවැනි ඉනිමේදී ලකුණු 58 කට කඩුලු 4 ක් වශයෙන් සමස්ථ තරගයේදී ලකුණු 130 කට කඩුලු 9 ක් දවාගනිමින් අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.
එපමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි සංවිධාන කමිටුවේ ලේකම් කසුන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ත්‍යාග ප්‍රධානෝත්සවයේදී සිතුක තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නාගේ සම්මානයද දිනා ගනු ලැබීය. මූලික වටය යටතේ තරග 4 කට ක්‍රීඩා කළ සිතුක පන්දුවාර 96.5 ක් යවිම්න කඩුලු 28 ක් දවා ලමින් එම සම්මානයට හිමිකම් කීවේ ඒ සඳහා පිරිනැමෙන ශූරතා කුසලානට අමතරව මුදලින් රු. 50,000 ක මුදලටද හිමිකම් කියමිනි.
මේ අතර තරග 5 කදී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් ද සමගින් මුලු ලකුණු 288 ක් රැස් කිරීමට සමත් ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජයේ නෙලූක හේෂාන් දක්ෂතම පිතිකරුවා ලෙස ද සමස්ථ තරගාවලියේ අර්ධ ශතක 3 ක් ද සමගින් මුලු ලකුණු 389 ක් සහ එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් නාවික හමුදා ක්‍රීඩා සමාජයේ චාර්ය පරණවිතාන තරගාවලියේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය. මොවුන් දෙදෙනාට අදාළ ශූරතා කුසලාන වලට අමතරව පිළිවෙළින් මුදලින් රු. 50,000 සහ රු. 75,000 බැගින් හිමිවිය.
අවසන් මහ තරගයේ වීරයා – සිතුක ගුණවර්ධක (මැලේ ක්‍රීඩා සමාජය)
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – සිතුක ගුණවර්ධන (මැලේ ක්‍රීඩා සමාජය)
තරගාවලියේ දක්ෂතම පිතිකරුවා – නෙලුක හේෂාන් (ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය)
තරගාවලියේ වීරයා – චාර්ය පරණවිතාන (නාවික හමුදා ක්‍රීඩා සමාජය
ලකුණු සාරාංශය
සෙබස්තියනයිට්ස් පළමු ඉනිම පන්දුවාර 50 කදී ලකුණු 173 යි – (චමිඳු පෙරේරා 38, සෙනේෂ් හෙට්ටිආරච්චි 24, අකාෂ් ප්‍රනාන්දු 46, සහන් කෞෂල්‍ය 44/5, සිතුක ගුණවර්ධන 72/5) සහ දෙවැනි ඉනිම පන්දුවාර 29.5 කදී කඩුලු 9 ට ලකුණු 144 යි – (සෙනේෂ් හෙට්ටිආරච්චි 24, චමිදු පෙරේරා 17, අකාෂ් ප්‍රනාන්දු 40, චාරුක පීරිස් 20*, කවිඳු ඩයස් 13*, සිතුක ගුණවර්ධන 58/4, සහන් කෞෂල්‍ය 19/1)
මැලේ පළමු ඉනිම පන්දුවාර 72.1 කදී ලකුණු 211 යි – (නබීල් රජුඩීන් 55, සහන් කෞෂල්‍ය 12, විදුනෙත් විල්සන් 58, අචල පෙරේරා 21, කෙවින් සැමුවෙල් 10*, ෂෙනන් රුද්‍රගු 65/3, කවික ජයසුන්දර 13/4) සහ දෙවැනි ඉනිම පන්දුවාර 5 කදී කිසිවකු නොදැවී ලකුණු 17 යි

අවසන් මහ තරගයේ වීරයා වූ මැලේ නායක සිතුන ගුණවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටු ලේකම් කසුන් ප්‍රනාන්දු මහතා අතින් සම්මාන ලබා ගනිමිනි.

තරගාවලියේ දක්ෂතම පිතිකරුවා වූ ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජයේ නෙලුක හේෂාන් එම කුසලාන ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි සංවිධාන කමිටු ලේකම් කසුන් ප්‍රනාන්දු මහතා අතින් ලබා ගත් අවස්ථාව.