slc
logo
Home   |    News
ජූලි 30, 2024
ආසියානු කිරුළේ ජයග්‍රාහිකාවන්⁣ට කෝටි 15 ක මුදල් ත්‍යාගයක්

sinhala editor

ආසියානු කුසලානයේ කාන්තා ක්‍රිකට් ශූරතාව දිනාගනිමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලැබූ විශිෂ්ට ජයග්‍රහණය අගයමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමෙරිකානු ඩොලර් 500,000 ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 15 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට අද (29 දා) කටයුතු කරන ලදී. කණ්ඩායමේ කැපවීම, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ ක්‍රීඩාංගණයේදී පෙන්නුම් කළ නොපසුබට උත්සාහය අගය කරමින් අද කොළඹදී පැවැති උපහාර පිරිනැමීමේ උත්සවයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම චෙක්පත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තුට පිරිනැමීමට කටයුතු කරනලදී. ශ්‍රී ලාංකිකයින්ට  ඉමහත් ආඩම්බරයක් ගෙන දුන් මේ සුවිශේෂී ජයග්‍රහණය ලද ක්‍රීඩිකාවන්ට උපහාර දැක්වීම පිණිස ඉහත මහත්වරුන් දෙදෙනාට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරුන් වන ආචාර්ය ජයන්ත ධර්මදාස සහ ආසියානු කුසලාන තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින්ද කටයුතු කළ රවීන් වික්‍රමරත්න, වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගීව සිටියහ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar