slc
logo
Home   |    News
ජූලි 9, 2024
කඩුලු දවාගන්න හැටි ඉගෙන ගන්න දඹුල්ල තණතීරුව වඩාත් යෝග්‍යයි

sinhala editor

පන්දු යවන්නෙකුට තම දක්ෂතා දියුණු කර ගැනීමට නම් දඹුල්ල වැනි පිතිකරුවන්ට වාසිදායක ක්‍රීඩාංගණයක පන්දු යැවීමෙන් විශාල අත්දැකීමක් ලබාගත හැකි බව සඳහන් කර සිටින ඉසුරු උදාන, ඒ සඳහා ලංකා ප්‍රිිමියර් ලීග් තරගාවලිය හොඳම අවස්ථාවක් වී තිබෙන බව සඳහන් කර සිටියි. ගෝල් මාවල්ස් – කැන්ඩි ෆැල්කන්ස් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු මාවල්ස් කණ්ඩායම උදාන තරගයෙන් අනතුරුව ඉහත අදහස් පළ කර සිටියේය.

තමා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන මේ වන විට වසර තුනක් ගත වන බව පැවසු ඉසුරු උදාන තමා තුළ වෙනත් පෞද්ගලික ඉලක්ක නොමැති බවත්, මේ වන විට පෙන්වන දක්ෂතා තව තවත් දියුණු කර ගනිමින් නියෝජනය කරන කණ්ඩායමට ශූරතාව දිනා දීමට දායක වීමට ලැබෙන්නේ නම් ඒ පිළිබඳව සතුටු වන බව ද ඉසුුරු උදාන කියයි.

වේගය අඩු පන්දු යවන්නන්ට වාසිදායක තණතිලිවල කඩුලු ලබා ගැනීමෙන් පන්දු යවන්නකුට තමන්ගේ දක්ෂතා දියුණු කර ගැනීමට අවස්ථාවක් නොලැබෙන බව පවසන උදාන පන්දු යැවීමේ දක්ෂතා දියුණු කර ගැනීමට නම් දඹුල්ල සහ පල්ලේකැලේ වැනි පිතිකරුවනට වාසිදායක වන වේගවත් තණතිලිවල හොඳින් පන්දු යවා කඩුලු ලබා ගත යුතුව ඇතැයි ද කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි පහටම සහභාගි වීමට අවස්ථාව ලැබීම ගැන තමා පුද්ගලිකවම සතුටු වන බව පවසන මේ තුන් ඉරියව් ක්‍රීඩකයා මේ තරගාවලිය තුළින් ජාතික හෝ ජාත්‍යන්තර හෝ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට යම් තරුණ ක්‍රීඩකයකු පිවිසෙන්නේ නම් එය වඩාත් ඵලදායක වනු ඇතැයි ද පවසයි.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතිල්ල පිතිකරුවනට වාසිදායක වන අයුරින් වේගවත්ව ලෙස සකසා තිබීමෙන් පන්දු යවන්නන්ට මෙහි වාසියක් අත්නොවන බව කී ඉසුරු උදාන තමා අනුගමනය කළ පිළිවෙත වූ ක්‍රිකට් ක්‍රීඩාවේ සරල මූලික සිද්ධාන්ත අනුව නියමිත ස්ථානවලට පන්දුව පතිත කිරීමෙන් (Line and Length) තමා කඩුලු ලබා ගත් බව ද කීවේය.

“මේ තණතිල්ලේ දෝලනයක් තිබුණෙත් නෑ. ඒ නිසාම මා සිදු කළේ නියම ස්ථානවලට පන්දු පතිත කිරීමයි. මා හට ඉන් නියම ප්‍රයෝජන ලැබුණා. අනෙක් කරුණ වුයේ ඔවුන් ලබා සිටියේ ලකුණු තිහක් පමණ අඩුවෙනුයි. එයත් අපට වාසියක් වුවා. අප එය කළින්ම දැනගෙනයි සිටියේ.“

“මේ තරගාවලියේ තරග හතරක්ම හොඳින්ම ක්‍රීඩා කිරීමට අපට අවස්ථාව උදා වීම පිළිබඳව සියලු ක්‍රීඩකයන් සතුටු වනවා. අපගේ අපේක්ෂාව ඉදිරි තරග කිහිපයේදීත් හොඳින්ම දස්කම් දැක්වීම යැයි ද“ ඉසුරු උදාන ප්‍රකාශ කළේය.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee