පන්දු යවන්නෙකුට තම දක්ෂතා දියුණු කර ගැනීමට නම් දඹුල්ල වැනි පිතිකරුවන්ට වාසිදායක ක්‍රීඩාංගණයක පන්දු යැවීමෙන් විශාල අත්දැකීමක් ලබාගත හැකි බව සඳහන් කර සිටින ඉසුරු උදාන, ඒ සඳහා ලංකා ප්‍රිිමියර් ලීග් තරගාවලිය හොඳම අවස්ථාවක් වී තිබෙන බව සඳහන් කර සිටියි. ගෝල් මාවල්ස් – කැන්ඩි ෆැල්කන්ස් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු මාවල්ස් කණ්ඩායම උදාන තරගයෙන් අනතුරුව ඉහත අදහස් පළ කර සිටියේය.
තමා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන මේ වන විට වසර තුනක් ගත වන බව පැවසු ඉසුරු උදාන තමා තුළ වෙනත් පෞද්ගලික ඉලක්ක නොමැති බවත්, මේ වන විට පෙන්වන දක්ෂතා තව තවත් දියුණු කර ගනිමින් නියෝජනය කරන කණ්ඩායමට ශූරතාව දිනා දීමට දායක වීමට ලැබෙන්නේ නම් ඒ පිළිබඳව සතුටු වන බව ද ඉසුුරු උදාන කියයි.
වේගය අඩු පන්දු යවන්නන්ට වාසිදායක තණතිලිවල කඩුලු ලබා ගැනීමෙන් පන්දු යවන්නකුට තමන්ගේ දක්ෂතා දියුණු කර ගැනීමට අවස්ථාවක් නොලැබෙන බව පවසන උදාන පන්දු යැවීමේ දක්ෂතා දියුණු කර ගැනීමට නම් දඹුල්ල සහ පල්ලේකැලේ වැනි පිතිකරුවනට වාසිදායක වන වේගවත් තණතිලිවල හොඳින් පන්දු යවා කඩුලු ලබා ගත යුතුව ඇතැයි ද කියයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි පහටම සහභාගි වීමට අවස්ථාව ලැබීම ගැන තමා පුද්ගලිකවම සතුටු වන බව පවසන මේ තුන් ඉරියව් ක්‍රීඩකයා මේ තරගාවලිය තුළින් ජාතික හෝ ජාත්‍යන්තර හෝ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට යම් තරුණ ක්‍රීඩකයකු පිවිසෙන්නේ නම් එය වඩාත් ඵලදායක වනු ඇතැයි ද පවසයි.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතිල්ල පිතිකරුවනට වාසිදායක වන අයුරින් වේගවත්ව ලෙස සකසා තිබීමෙන් පන්දු යවන්නන්ට මෙහි වාසියක් අත්නොවන බව කී ඉසුරු උදාන තමා අනුගමනය කළ පිළිවෙත වූ ක්‍රිකට් ක්‍රීඩාවේ සරල මූලික සිද්ධාන්ත අනුව නියමිත ස්ථානවලට පන්දුව පතිත කිරීමෙන් (Line and Length) තමා කඩුලු ලබා ගත් බව ද කීවේය.
“මේ තණතිල්ලේ දෝලනයක් තිබුණෙත් නෑ. ඒ නිසාම මා සිදු කළේ නියම ස්ථානවලට පන්දු පතිත කිරීමයි. මා හට ඉන් නියම ප්‍රයෝජන ලැබුණා. අනෙක් කරුණ වුයේ ඔවුන් ලබා සිටියේ ලකුණු තිහක් පමණ අඩුවෙනුයි. එයත් අපට වාසියක් වුවා. අප එය කළින්ම දැනගෙනයි සිටියේ.“
“මේ තරගාවලියේ තරග හතරක්ම හොඳින්ම ක්‍රීඩා කිරීමට අපට අවස්ථාව උදා වීම පිළිබඳව සියලු ක්‍රීඩකයන් සතුටු වනවා. අපගේ අපේක්ෂාව ඉදිරි තරග කිහිපයේදීත් හොඳින්ම දස්කම් දැක්වීම යැයි ද“ ඉසුරු උදාන ප්‍රකාශ කළේය.