slc
logo
Home   |    News
ජූලි 9, 2024
ක්‍රීඩකයින් දෙදෙනෙකුට දඩ

sinhala editor

කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් හා කැන්ඩි ෆැල්කන්ස් කන්ඩායමේ නායක වනිඳු හසරංගට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක් නියම කිරීමට අයිපීඑල් තරග තීරකවරු කටයුතු කළහ.

කැන්ඩි ෆැල්කන්ස් අතර පැවැති තරගයේදී ක්‍රීඩක චර්යාධර්ම පද්ධතිය උල්ලංඝණය කිරීමේ අඩුපාඩුවක් මත බිනුර ප්‍රනාන්දුට මෙම දඩය නියමවී ඇත. ඔහු විනිසුරුවරුන්ගේ උපදෙස්වලට අවනත නොවීම සම්බන්ධයෙන් වාර්තා වූ අතර එය ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ චර්යාධර්ම සංග්‍රහයේ 2.4 වගන්තිය කඩ කිරීමකි. මේ සම්බන්ධව පැවැති මූලික පරික්ෂණයේදී  ක්‍රීඩකයා වරද පිළිගෙන ඇත.

එල්පීඑල් තරගාවලියේ ඇදුම් ආයිත්තම් භාවිතා කිරීමේ නීතිය උල්ලංඝණය කිරීම වනිඳු හසරංගට එල්ලවූ චෝදනාවකි. කලම්බු ස්ට්‍රයිකර්ස් – කැන්ඩි ෆැල්කන්ස් අතර පැවැති තරගයේදී මෙම සිදුවීම තරග තීරක වෙත වාර්තාවීමෙන් අනතුරුව දඩය පැනවිය.

එල්පීඑල් තරගාවලියට සහභාගිවන සියලු කණ්ඩායම්වලට අයත් වර්ණවලින් සමන්විත වෙනම ඇඳුම් ආයිත්තම් ලබාදී තිබියදී වෙනත් ඇදුම් ආයිත්තම් පැළදීම සිදු නොකළ යුත්තකි.

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee