slc
logo
Home   |    News
ජූලි 10, 2024
ජූලි 14 වැනිදා ප්‍රේමදාස ක්‍රීඩාංගණය ‘රෝස පැහැ‘ ගැන්වෙයි

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ජූලි මස 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දඹුල්ල සික්සර්ස් සහ ගෝල් මාවල්ස් කණ්ඩායම් අතර තරගයේදී දඹුල්ල සික්සර්ස් කණ්ඩායම රෝස පැහැති ඇඳුමින් සැරසී ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.

ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වැඩියක්ම කාන්තාවන් පියයුරු පිළිකා තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි අවධානමක් පවතින අතර එම මූලික අවධියේදීම පිළිකා හඳුනාගැනීම සඳහා අවධානයයොමු කිරීම, ස්වයං පරීක්ෂා සඳහා වැඩි අවධානයක් ලබාදීම මීට හේතුව බවද දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නිවේදනය කර සිටියේය.

ඒ අනුව එම තරගයේදී දඹුලු ක්‍රීඩකයෝ රෝස පැහැති පීත්ත පටියක් පැළැඳ රෝස පැහැති ටීෂර්ටයකින් සැරසී ක්‍රීඩා කරනු ඇත. එදින තරගාවලිය නැරඹීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ටත් ක්‍රීඩාංගණ පරිශ්‍රෙයන් රෝස පැහැති ටීෂර්ටයක් මිලදී ගෙන මෙම සද්කාර්යය දායකත්වය දැක්වීමේ හැකියාව ඇත.

මේ හරහා ලැබෙන සියලු මුදල් පිළිකා රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කෙරෙනු ඇත. මෙවැනි ආකාරයේ තරග ලොව බොහෝ රටවල ක්‍රීඩාව ආශ්‍රිතව සිදුකෙරනු අතර සෑම වසරකටම ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය පින්ක් ටෙස්ට් (රෝස ටෙස්ට් තරගය) ලෙසින් නම් කර තිබේ.

Active filters

Recent Posts

  • ටී-10 උණුසුම දෙසැම්බර් 12 වැනිදා පල්ලේකැලේදී ඇරඹෙයි
    ශ්‍රී ලංකාවේදී පළමු වතාවට ක්‍රියාත්මක ලංකා ටී-10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ලබන දෙසැම්බර් මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. […]
  • නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියට කුසල් පෙරේරා කැඳවයි
    නොවැම්බර් මස 09වැනිදා නවසීලන්ත පිලට එරෙහිව ආරම්භ වන තරග 2 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති […]
  • ‘ඒ‘ කණ්ඩායමේ නායකත්වය පසිඳු – නුවනිඳු යටතට
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ තරග සංචාරය වන පාකිස්තානු  පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී සිව්දින සහ එක්දින තරග සඳහා වෙන වෙනම නායකයින් පත් කිරීමට උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු […]
  • නවසීලන්ත පිලෙන් කොටසක් එයි
    පන්දුවාර විස්සයි-20 තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනෙක් ඊයේ (14 වැනිදා) මධ්‍යම රාත්‍රිෙය් ශ්‍රී ලංකාවට පැමිණිය. කාණ්ඩ දෙකක් […]
  • ප්‍රීමා කුසලාන 15න් පහළ නැෂනල් යූත් 21 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානත්වයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15 න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා කොළඹදී ආරම්භ වනු ඇත. සමාරම්භක දිනයේදී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee