slc
logo
Home   |    News
ජූලි 7, 2024
දඹුල්ල පිට පිට තෙවැනි පරාජය ලබද්දී ජැෆ්නා පිට පිට තෙවැනි ජය ලබයි

sinhala editor

Chamila Karawita reporting from Dambulla

LPL – 5 වැන්නේ තවමත් ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත්ව සිටින දඹුල්ල කණ්ඩායමට පිට පිටම තෙවැනි පරාජයත් අත්කර දීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (06 දා) සමත්විය. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගෙය්දී ලකුණු 30 ක පහසු ජයක් ලද ජැෆ්නා ක්‍රීඩකයෝ දඹුලු කණ්ඩායමට පිට පිටම තෙවැනි පරාජය අත්කර දුන්නාට අමතරව ඔවුන් අවසන් වරට පිට පිටම තෙවැනි ජයග්‍රහණය වාර්තා කළහ. ඒ සමඟම ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණට පැමිණිමටද ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

මෙවර තරගාවලියේ කණ්ඩායමක් ලකුණු 200 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් ජැෆ්නා කණ්ඩායම කඩුලු 5 කට අද ලද ලකුණු 218 සටහන් විය. එම ඉලක්කය හඹා ගිය දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 188 ක් පමණි.

දැවැන්ත ඉලක්කයක් වුවත් දඹුල්ල කණ්ඩායමට සාර්ථක ආරම්භයක් එක් කිරීමට රීසා හෙන්ඩ්‍රිතක්ස් සමත් වුවද සෙසු පිතිකරුවන්ගෙන් ලැබිය යුතු සහයෝගය නොලැබීම මෙතරම් ලකුණු පරතරයකින් තරගයේ ඉරණම විසඳීමට හේතු කාරක විය. හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමඟින් පන්දු 50 කදී ලකුණු 80 ක් ලබා ගැනීමට දඹුල්ල ආරම්භක පිතිකරුවා සමත් වූයේ ඉනිම 18 වැනි  පන්දු වාරය තෙක්ම තම පිත්ත අණසක පතුරුවාලමිනි. කෙසේ වෙතත් පන්දු 17 කදී ලකුණු 30 ක් ලබා ගත් මාක් චැප්මන් දැවී යෑමත් සමඟ හඹා යෑම පිළිබඳව දඹුල්ල තබා තිබූ බලාපොරොත්තු ව්‍යර්ථ වූවා කිවහොත් නිවැරදිය.

රිලී රොසොව්ගේ දැවී යෑමෙන් පසු පැතුම් නිස්සංකට එකතු වුණු අවිශ්ක ප්‍රනාන්දු තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 100 ක් එක් කළහ. පන්දු 54 කට මුහුණ දුන් පැතුම් හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමඟින් මෙවර තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කළේය. ඔහුට අනගි සහායක් ලබා දුන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 30 කදී ලකුණු 57 ක් වාර්තා කළේය. මෙය මෙවර තරගාවලියේ අවිශ්ක ක්‍රීඩා කරන ලද තරග 4 දී ලබා ගත් තෙවැනි අර්ධ ශතකය විය. හයේ පහර 5 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම හැඩ කර ගත් දකුණත් පිතිකරුවා ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ඇති පිතිකරුවාගේ වාර්තාව තවත් ඉහළට රැගෙන ගියේය.

එදා මෙදාතුර ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ තරග 443 කට ක්‍රීඩා කර ඇති අවිශ්ක මේ දක්වා රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1384 ක් වේ. එයට ශතකයක් සහ අර්ධ ශතක 12 ක් ඇතුළතුව ඇත්තේ ඉනිමක සාමාන්‍ය 36.31 ක් සහ ප්‍රහාරාත්මක වේග 138.27 ක් රදවා තබා ගනිමිනි.

පන්දු යැවීමේදී දැඩිම පහර කෑමට ලක් වූයේ නුවන් තුෂාර වන අතර ඔහුගේ පන්දුවාර 4 න් ලකුණු 48ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ. සමස්ථයක් ගත්විට දඹුල්ල කණ්ඩායමේ  ප්‍රධානතම වේග පන්දු යවන්නන් වන නුවන් තුෂාර, ඩිල්ෂාන් මදුශංක සහ මුස්තෆිසූර් රෙහ්මාන් අද දිනයේදී පන්දු යවන ලද ආකාරය පිළිබඳව අවදානය යොමු කිරීමේදීය. ඔවුන් තිදෙනා විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 12 දී එක් පන්දුවාරයකට ලකුණු 10 කට වඩා ලකුණු සංඛ්‍යාවක් ලබාදී තිබීම කැපී පෙනිණ. මෙහිදී මොවුන් තිදෙනාගෙන් පමණක් ලකුණු 126 ක් රැස් කිරීමට ප්‍රතිවාදී පිලේ පිතිකරුවෝ උත්සුක වූහ.

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 20 දී කඩුලු 5 ට ලකුණු 218 යි –

පැතුම් නිස්සංක 88, කුසල් මෙන්ඩිස් 18, රිලී රුසෝව් 12, අවිශ්ක ප්‍රනාන්දු 57, චරිත් අසලංක 13, අස්මාතුල්ලා ඔමර්සායි 19*, මුස්ටෆිසූර් රෙහ්මාන් 39/2, නුවන් තුසාර 48/1, දුෂාන් හේමන්ත 38/1, චමිඳු වික්‍රමසිංහ 11/1)

දඹුල්ල සික්සර්ස් පන්දුවාර 20 කදී කඩුලු 8 කට ලකුණු 188 යි –

(රීසා හෙන්ඩ්‍රික්ස් 80, කුසල් පෙරේරා 16, නුවනිඳු ප්‍රනාන්දු 16, මාක් චැප්මන් 30, චමිඳු වික්‍රමසිංහ 20, ප්‍ර මෝද් මදුෂාන් 48/2, අසිත ප්‍රනාන්දු 25/2, ටබ්‍රේස් ශම්සි 26/2, අස්මාතුල්ලා ඔර්සායි 46/1, ෆේබියන් ඇලන් 39/1)

Active filters

Recent Posts

  • හම්බන්තොට පළමු ජය ලබයි
    ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් අද (14 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් නුවරඑළිය කිංග්ස්ට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් […]
  • ජැෆ්නා ටයිටෑන්ස් තෙවැනි ජයත් වාර්තා කරයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (14 දා) 11 වැනි තරගය ලෙසින්ගෝ ල් මාවල්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු […]
  • ජනසතු සේවා ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට
    සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ“ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ […]
  • තෙවැනි දින තරග 3 ටම වර්ෂාවෙන් බාධා
    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් අද (13 දා) පස්වරුවේ පැවැති තරගයද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 5.5 කට සීමා වෙමින් නිමාවට පත්විය. ප.ව. […]
  • කලම්බු පැරදවූ ජැෆ්නා පිල ප්‍රසාදා ලකුණු සටහනේ පෙරමුණට
    Chamila Karawita reporting from Pallekele පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් අද (12 දා) පැවැති තරගයෙන් කලම්බු ජැගුවර්ස් කන්ඩායමට එරෙහිව ලකුණු 40 […]

Pin It on Pinterest

USD United States (US) dollar