slc
logo
Home   |    News
ජූලි 17, 2024
දඹුල්ල සික්සර්ස් පළමු වටයෙන් නවතියි

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ පැවැති අවසන් තරගය හෙවත් 20 වැනි තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අද (16 දා) රාත්‍රියේ සමත්විය. දඹුල්ල කණ්ඩායම අද තරගයෙන් ජය වාර්තා කළද අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට පිවිසීමට තරම් ශුද්ධ දළ ලකුණු වේගයක් රඳවා ගැනීමට අසමත්වීම නිසා ඔවුන් පළමු වටයෙන්ම ඉවත් වන්නට සිදුවිය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ලකුණු 123 ක ඉලක්කයක් හඹා ගිය කලම්බු කණ්ඩායම පන්දුවාර 18.1 කදී සියලු දෙනා දැවී රැස් කර ගනු ලැබුවේ ලකුණු 95 ක් පමණි. කලම්බු කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාලීම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු නුවන් ප්‍රදීප් පන්දුවාර 2.1 කදී ලකුණු 20 කට කඩුලු 3 ක් ද චමිඳු වික්‍රමසිංහ තම පන්දුවාර 4 දී ලකුණු 13 ක් පමණක් ලබා දී කඩුලු 2 ක්ද දවාලමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

දඹුල්ල කණ්ඩායම අද රැස් කරන ලද ලකුණු 123, මෙතෙක් එල්.පී,එල්. තරග ඉතිහාසයේ කණ්ඩායමක් තරග ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ආරක්ෂා කරන ලද අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්වීමද කැපී පෙනෙයි. දඹුලු වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා හේතුවෙන් පළමු කඩුලු 3 ම ලකුණු 16 ක් ඇතුළතදී බිඳ වැටුණු අතර අනතුරුව පැමිණි සධීර සමරවික්‍රම, ග්ලෙන් පිලිප්ස්, දුනිත් වෙල්ලාලගේ, සහ ශදාබ් ඛාන් ලකුණු 19 ක් ඇතුළත දැවී යෑම නිසා කලම්බු කණ්ඩායමේ හඹා යෑම දුර්වල විය. කෙසේ වෙතත් මැද පෙළින් පැමිණි තිසර පෙරේරා තම කඩුල්ල ආරක්ෂා කරමින් පන්දු 31 කදී ලකුණු 30 ක් වාර්තා කළද ඔහුට තම කණ්ඩායම පරාජයෙන් බේරා ගැනීමට නොහැකි විය.

පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් එතරම් ලකුණු අතරට පිවිසීමට අසමත් වුවද මැද පෙළින් පැමිණි නායක මොහොමඩ් නබී පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 40 ක් ලබා එම කණ්ඩායමේ කොඳු නාරටිය බවට පත්වූවේය. ඔහුට අනගි සහායක් ලබා දුන් චමදු වික්‍රමසිංහ පන්දු 29 කදී ලකුණු 26 ක් ලබා ගත්තේ හයේ පහරක් සහ හතරේ පහරක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි. මොවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය පන්දු 52 කදී ලකුණු 62 ක් විය.

දඹුළු කණ්ඩායම අඩ පමණ කිරීම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු බිනුර පෙරේරා ලකුණු 13 කට කඩුලු 3 ක් බිඳ හෙළද්දී මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

දඹුල්ල සික්සර්ස් පන්දුවාර 20 කදී සියලු දෙනා දැවී ලකුණු 123 යි

මොහොමඩ් නබී 40, චමිඳු වික්‍රමසිංහ 26, දුෂාන් හේමන්ත 10, නුවනිඳු ප්‍රනාන්දු 15, බිනුර ප්‍රනාන්දු 15/3, මතීෂ පතිරණ 25/2, දුනිත් වෙල්ලාලගේ 18/2

කලම්බු ස්ට්‍රයිකර්ස් පන්දුවාර 18.1 කදී සියලු දෙනා දැවී ලකුණු 95 යි

තිසර පෙරේරා 30, ඉසිත විජේසුන්දර 12, දුනිත් වෙල්ලාලගේ 11, ග්ලෙන් පිලිප්ස් 15, මුහහමද් වසීම් 15, නුවන්  ප්‍රදීප් 20/3, චමිඳු වික්‍රමසිංහ 13/2

Active filters

Recent Posts

  • ක්‍රිකට් යෞවනියෝ ලෝක කුසලානයේ සුපිරි හයට
    බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්‍ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනා‍ගේ වටයට අද […]
  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee