slc
logo
Home   |    News
ජූලි 13, 2024
මහා ක්‍රිකට් සැණකෙළියේ අවසන් අදියරේ තරග අද සිට කොළඹදී

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළිය වූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ අවසන් අදියරේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී  අද සිට මේ 21 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මහනුවර හා දඹුල්ලේ පැවැති පළමු හා දෙවැනි අදියරේ තරගවලදී ඉදිරියෙන්ම සිටින චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් හා ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ෆැල්කන්ස් අද පස්වරු 7.30ට ප්‍රේමදාස පිටියට පිවිසේ.

මහනුවර හා දඹුල්ල තණතිලිවල පිතිකරුවන් දක්ෂතා අතරට පැමිණීමෙන් හොද තරගාවලියක ආරම්භය සටහන්වූ බවත්, ආර්. ප්‍රේමදාස පිටිය ඒ ආකාරයෙන්ම පිතිකරුවන්ට හිතකර වුවහොත් හොද තරගමාලාවක නිමාව සටහන් වනු ඇති බව ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී කණ්ඩායම් නායකයෝ පැවැසූහ.

දඹුල්ල සික්සර්ස් පිල මෙහෙයවන ජාත්‍යන්තර පිටියේ අත්දැකීම් බහුල ඇෆ්ගනිස්තාන ජාතික මොහොමඩ් නබී එල්පීඑල් තරගාවලියේ තරග රටාව ඉතා උසස් එකක් බවට සහතිකයක් ලබාදීම විශේෂත්වයක් විය. නවක ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉදිරියේදී ශ්‍රී ලංකා පිලට ආලෝකයක් වනු ඇතැයි නබී සඳහන් කළේය. “මේ තරගාවලියට හදුන්වාදුන් පවර් බ්ලාස්ට් ඕවරය අලුත් අත්දැකීමක්. එයින් පන්දු යවන්නන්ට විශාල පහරවල් එල්ල කිරීමේ අවස්ථා පිතිකරුවන්ට ලැබෙනවා. එල්පීඑල් තරගාවලිය සමස්තයක් ලෙස ඉතා හොදින් ක්‍රියාත්මක වෙනවා. දඹුල්ල සික්සර්ස් ක්‍රීඩකයින් හොදින් ක්‍රීඩා කළා. නවක ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ ඉතා හොදින් ක්‍රීඩා කිරීම සතුටට කරුණක්“ මොහොමඩ් නබී පැවැසීය.

කළම්බු ස්ට්‍රයිකර්ස් නායක තිසර පෙරේරා පැවැසූවේ එල්පීඑල් තරගාවලිය එන්න එන්නම දියුණු මට්ටමකට පත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට යහපතක් බවය. “මහනුවර, දඹුල්ල හා කොළඹ ක්‍රීඩාංගණ 3කදී මේ තරගාවලිය පැවැත්වීම ක්‍රීඩකයින්ට වැදගත්. ඒ වගේම හම්බන්තොටදීත් තරග කිහිපයක් පවත්වන්න පුලුවන් නම් හොඳයි. හම්බන්තොට තණතිල්ල ඉතා හොඳ එකක්. රටේ හැම තැනකම ක්‍රිකට් ක්‍රීඩා කරනවා නම් ක්‍රීඩාවට හොදයි. ඒ වගේම සංචාරක ව්‍යාපාරයටත් එය ආකර්ශනයක්“ තිසර පෙරේරා පැවැසීය.

ජැෆ්නා කිංග්ස් නායක චරිත් අසලංක පැවැසූවේ දඹුල්ලේ තණතිල්ල දඟ පන්දු යවන්නන්ට එතරම් සහයෝගයක් නොදැක්වීමෙන් කඩුලු ලබා ගැනීමේදී යම් අපහසුතාවක් ඇති වූ බවය. “මහනුවර හා දඹුල්ල තණතිලි පිතිකරුවන්ට හොද වුණා. ඒ තණතිලි දෙකම මිත්‍රශීලී ලෙස හැසිරුණා. මා පෞද්ගලිකව හිතනවා දෙවැනියට බැට් කරද්දී ජයග්‍රහණයට යම් පහසුවක් වන බව. මේ තරගාවලියේදී නවක ක්‍රීඩකයින් කිහිපදෙනකුම ඉදිරියට පැමිණ දක්ෂතා දැක්වීම වැදගත් දෙයක්. ඒ වගේම හිටපු ක්‍රීඩකයින් නැවැත හොදින් ක්‍රීඩා කරනවා දැක්කා. ඒ තරගකාරී බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට හොදයි“ චරිත් අසලංක පැවැසීය.

නිමාවූ තරග අදියර දෙකේදී තම කණ්ඩායමේ පන්දු යවන්නන් ඉතා හොදින් වගකීම ඉටු කළ බව ගාල්ල මාවලස් නායක නිරෝෂන් දික්වැල්ල සඳහන් කළේය. ගාල්ල පිල දැනට දෙවැනි ස්ථානයේ සිටින්නේ කණ්ඩායමක් ලෙස හොදින් ක්‍රීඩා කළ නිසා බව හෙතෙම පැවැසීය. නිරෝෂන් දික්වැල්ල ද දඹුල්ලේ තණතිල්ල ඇගැයීමට ලක් කළේය. “දඹුල්ලේදී කාසියේ වාසිය අපට වැදගත් වුණා. නමුත් දවසේ හොදට ක්‍රීඩා කරන කණ්ඩායම ජයග්‍රහණය කළා. අපි මෙතෙක් සහභාගි වූ තරග 4ක් ජයගෙන දෙවැනි ස්ථානයේ සිටිනවා. කොළඹදී ඒ ගමන තවත් ඉදිරියට ගෙන යන්න අපි සැලසුම් සකස් කරනවා“ දික්වැල්ල පැවැසීය.

කැන්ඩි ෆැල්කන්ස් නායක වනිඳු හසරංග මේ දිනවල තරමක් අසනීප තත්ත්වයෙන් සිටින බව එහි උප නායක කමිඳු මෙන්ඩිස් මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. “වනිඳු හෙට තරගයේදී ඔහු ක්‍රීඩා කරයි. අපි ඉදිරි තරග දෙකම ජයගත යුතුයි. දැනට තරග දෙකක් දිනලා තියෙනවා. පරාජය වූ තරගවලදීත් අපේ ක්‍රීඩකයින් හොදින් ක්‍රීඩා කළා. දඹුල්ල ක්‍රීඩාංගණයේදී දෙවනුව පන්දුවට පහරදෙන කණ්ඩායමට වාසියක් තිබුණා. පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට එකතුවී පන්දු යැවීමට හැකිවීමෙන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සේවයක් ලබා දෙන්න හැකි වුණා. මා පාසල් කාලයේ සිට අත් දෙකෙන්ම පන්දු යවනවා. තව දුරටත් පන්දු යැවීමේ අංශය දියුණු කරගෙන සේවයක් කරන්න මගේ අපේක්ෂාවයි“ කමිඳු මෙන්ඩිස් සඳහන් කළේය.

Active filters

Recent Posts

  • ෆ්ලෙචර් – ශකීබ් ගෝල් මාවල්ස්ට පළමු ජය රැගෙන එති
    පන්දු 25 කදී ලකුණු 66 ක වේගවත් ඉනිමක් දියත් කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වුවත් සෙසු පිතිකරුවන්ගෙන් ලැබිය යුතු සහයෝගය නොමැතිවීම නිසා ලංකා ටී-10 තරගාවලිය යටතේ අද (11 දා) පැවැති දෙවැනි […]
  • ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවට ටී-10 ක්‍රිකට් එක්වූ වගයි…
    වසර දෙදහස් හයසියයකට ඈත අතීතයකට උරුමකම් කියන ශ්‍රී ලාංකිකයන් අද (11) දිනයේ නැවත වරක් ජගත් ප්‍රජාවගේ විශේෂ අවධානයට යොමු වුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙය වීමෙන් සහ ක්‍රිකට් […]
  • ටී-10 පළමු තරගයෙන් ජැෆ්නා ටයිටෑන්ස්ට ජය
    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ආරම්භ වුණු ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම […]
  • ටී-10 පළමු අර්ධ ශතකය දසුන් ශානකගෙන්
    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ඇරැඹි අභිනව ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතකය තමන් සතු කර ගැනීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක සමත්වූවේය. ජැෆ්නා ටයිටෑන්ස් […]
  • ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් මස අගදී නවසීලන්තයට
    එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම දෙසැම්බර් මස අගදී නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය. මෙම තරගාවලිය ලබන ජනවාරි මස මැද දක්වා පැවැත්වෙනු ඇත. තරගාවලියට එක්දින තරග […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee