slc
logo
Home   |    News
ජූලි 6, 2024
මැතිව්ස්ගේ උත්සාහය අපතේ යයි

sinhala editor

Chamila Karawita reporting Dambulla

අවසන් පන්දු 4 න් ලකුණු 18 ක් ලබාගත යුතු අභියෝගයක් තමන් සතුව තිබියදී පළමු පන්දු 3 ටම ලකුණු 16 ක් ලබා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වුවද තීරණාත්මක අවසන් පන්දුවේදී දුවද්දීි දැවී යෑමකට හසුවීම නිසා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම හමුවේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ලකුණු 02 ක පරාජයකට අද (06 දා) මුහුණ දුන්නේය. රංගිරි දමුලු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ලද මෙම ජයත් සමඟ අදාළ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ස්ට්‍රයිකර්ස් ක්‍රීඩකයෝ සමත්වූහ.

ලකුණු 200 ක ඉලක්කයක් හඹා යෑමේදී පවර් බ්ලාස්ට් පන්දුවාරයක් ඉතිරිව තිබෙන විට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 159 ක් ලබා ජයග්‍රහණය සඳහා ලකුණු 41 ක් පසුපසින් සිටියේය. ඒ වන විටත් ඇන්ජලෝ මැතිව්ස් සමග කමිඳු මෙන්ඩිස් කඩුල්ලේ රැදී සිටියද තීරනාත්මක 17 වැනි පන්දුවාරය යැවූ මතීෂ පතිරණ, ෆැල්කන්ස් කණ්ඩායම නොසිතූ අර්බුදයකට ඇද දැම්මේ කඩුලු 3 ක්ම දවා ගනිමිනි. දැවී ගිය පිතිකරුවන් අතර කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක සහ නායක වනිඳු හසරංගගේ කඩුලු අයත් විණ.

තරගයේ කැපී පෙනෙනම පන්දු යැවීම සිදුකළ මතීෂ තම පන්දුවාර 4 නිමා කරන ලද්දේ ලකුණු 26 කට කඩුලු 4 ක් වහයෙනි. පතිරණගේ සහාය එසේ වුවද අවසන් පන්දුවාරය වන විට අභියෝගය ලකුණු 20 ක් තරම් අඩු මට්ටමට රැගෙන ඒමට පිතිකරුවෝ සමත්වූශ. එහෙත් සිය පරිණත භාවය මැනවින් කරමතට ගනිමින් පන්දුවට පහර දුන් ඇන්ජලෝට තෙවැනි පන්දුවට 6 ක්, සිව්වැනි පන්දුවට 4 ක් සහ නැවතත් පස්වැනි පන්දුවට 6 ක් වශයෙන් ලකුණු රැස් කරමින් අවසන් පන්දුවේ අභියෝගය පන්දුවකදී ලකුණ 03 මට්ටමට රැගෙන ආවේය. එහෙත් පන්දු යැවූ තිසර පෙරේරාම රැක ගත් පන්දුව පන්දු යවන්නාගේ කඩුල්ල බිද දැමීම නිසා මැතිව්ස් දැවී ගියේය. දැවී යනවිටත් මැතිව්ස් පන්දු 14 කදී ලකුණු 33 ක් ලබා සිටියේය.

පළමුව පන්දුවට පහර දුන් කලම්බු කණ්ඩායම වෙනුවෙන් වේගවත් ආරම්භක් ලබා දුන් රාමනුල්ලා ගුර්බාස් සහ ඇන්ජලෝ පෙරේරා ලකුණු 50 එක් කළේ ඉනිමේ 21 වැනි පන්දුව නිමාවද්දීය. ෆැල්කන්ස් නායක වනිඳු හසරංගගේ වැඩිමහල් සොහොයුරා වන චතුරංග ද සිල්වාගේ පිට පිට පන්දු 3 කට දැවැන්ත හයේ පහර වලින් සංග්‍රහ කිරීමට අමතක නොකළ ගුර්බාස් පළමු කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 10 කදී ලකුණු 20 ක් ලබා සිටියේය.  තමන්ට ලැබුණු සෑම පන්දු යවන්නකුම දරුණු ප්‍රහාරයකට ලක් කළ ඇන්ජලෝ පෙරේරා, ද අද දිනයේදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් පන්දු 23 කදී වේගවත් ලකුණ 38 ක් ලබා ගත්තේ ස්ට්‍රයිකර්ස් ලකුණු පුවරුව ඉහළ දැමීමට තල්ලුවක් ලබා දෙමිනි.

අනතුරුව වගකීම කරට ගත් ග්ලෙන් පිලිප්ස් පන්දු 42 කින් ලකුණු 70 ක් ලබා ගත්තේ තම ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සරසාගනිමිනි. එසෙ එල්ල කරන ලද හයේ පහර 3 න් 2 ක්ම නායක වනිඳු හසරංගටෙ එල්ල කරන ලද දෙකක් විය.

කලම්බු ස්ට්‍රයිකර්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 199 යි –

රාමනුල්ලා ගුර්බාස් 20, ඇන්ජලෝ පෙරේරා 38, ග්ලෙන් පිලිපිස් 70, ශදාබ් ඛාන් 23, චාමික කරුණාරත්න 13, ෂොරිෆු් ඉසස්ලාම් 43/2, දුෂ්මන්ත චමීර 40/3, වනිඳු හසරංග 37/2

කැන්ඩි ෆෝල්කන්ස් පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 197 යි –

දිනේෂ් චන්දිමාල් 12, ඇන්ඩි ෆ්ලෙචර් 47, මොහොමඩ් හැරිස් 56, කමිඳු මෙන්ඩිස් 36, ඇන්ජලෝ මැතිව්ස් 33, මතීෂ පතිරණ 26/4

 

 

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee