slc
logo
Home   |    News
ජූලි 15, 2024
ලකුණු 54 ක ජය සමඟින් කැන්ඩි ෆෝල්කන්ස් පිලේ බලාපොරොත්තු ඉහළ යයි

sinhala editor

අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ජයග්‍රහණය තීරණාත්මක වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගය ලෙසින් දඹුල්ල සික්සර්ස් පිලට එරෙහි තරගයෙන් ලකුණු 54 ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම අද (15 දා) රාත්‍රියේ සමත්විය. මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියේ ඉදිරි තරග වටය පිළිබඳව වැඩිදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායමට හැකියාව ලැබී තිබේ.

මෙම තීරණාත්මක තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී ලකුණු 223 ක ඉලක්කයක් ප්‍රතිවාදී දඹුලු කණ්ඩායම වෙත ලබා දුන්නේය. කුසල් ජනිත් පෙරේරා පමණක් පන්දු 40 කදී රැස් කරන ලද ලකුණු 74 හැරෙන්නට සෙසු එකම පිතිකරුවත් සාර්ථකත්වයකට පැමිණීමට අපොහොසත් විය.

කුසල් ජනිත් පෙරේරා අද රැස් කරන ලද්දේ මෙවර තරග වාරයේ රැස් කරන ලද සිව්වැනි අර්ධ ශතකය  වූ අතර එයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. දඹුලු පිල අසීරුතාවයට ඇද දැමීම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ කැන්ඩි නායක වනිඳු හසරංග ලකුණු 35 කට කඩුලු 4 ක් දවා ගනිමින් තම කණ්ඩායමට ලකුණු 54 ක ජයක් කරා රැගෙන යෑමට මූලිකත්වය ගත්තේය. ඔහුට අමතරව මඳ වේග පන්දු යවන දසුන් ශානක ලකුණු 29 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගත්තේය.

පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි පිල වෙනුවෙන් ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් පන්දු 34 කදී වේගවත් ලකුණු 60 ක් ලබා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. හයේ පහර 7 ක් ෆ්ලෙචර් තම ඉනිමට ඇතුළත් කරද්දී ඊට එල්ලව තිබුනේ එක් හතරේ පහරක් පමණි.

කණ්ඩායමේ සෙසු අර්ධ ශතක ලාභීයා වූයේ කමිඳු මෙන්ඩිසිය. ඔහු සිය අර්ධ ශතකය පන්දු 24 කදී වාර්තා කළේ තම ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් කරමිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් ඇන්ජලෝ මැතිව්ස් පන්දු 23 කදී හයේ පහර 5 ක් සමගින් වේගවත් ලකුණු 44 ක් ලබා ගත්තේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි. මැතිව්ස් විසින් සිය ඉනිම හයේ පහර 5 කින් සරසන ලද්දේ අවසන් පන්දුවාරය වන ලද චමිදු වික්‍රමසිංහගේ පිට පිට පන්දු 2 කදී එල්ල කරන ලද හයේ පහර දෙකද ඇතුළත්වය.මැතිව්ස් සහ කමිඳු අතර 5 වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාව පන්දු 45 කදී ලකුණු 94 ක් විය. ඊට අමතරව අංක 4 ස්ථානයෙන්  පන්දුවට පහර දීමට පැමිණි නායක වනිඳු පන්දු 12 කින් ලකුණු 25 ක්ද රැස් කිරීම නිසා තරගයේ වීරයා සම්මානයෙන් හේ පිදුම් ලැබුවේය.

කැන්ඩි ෆෝල්කන්ස් පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 222 යි –

ඇන්ඩෘ ෆ්ලෙචර් 60, මොහොමඩ් හැරිස් 24, වනිඳු හසරංග 24, කමිඳු මෙන්ඩිස් 51*, ඇන්ජලෝ මැතිව්ස් 44*, දුෂාන් හේමන්ත 14/3

දඹුල්ල සික්සර්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 168 යි

කුසල් පෙරේරා 74, මාක් චැප්මන් 24, සොනාල් දිනූෂ 17, චමිඳු වික්‍රමසිංහ 18, දුෂාන් හේමන්ත 17, වනිඳු හසරංග 35/4, දසුන් ශානක 29/3

Active filters

Recent Posts

  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]
  • මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි
    තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා […]
  • අවිශ්කගේ ප්‍රහාරයෙන් කොළඹ ලකුණු පුවරුව ඉහළ යයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ යාපනය පිලට එරෙහිව පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ […]
  • ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee