slc
logo
Home   |    News
ජූලි 13, 2024
ශ්‍රී ලංකාවේ තණතිලි විශිෂ්ටයි – ඔමාර්සායි

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකදී ප්‍රථම වතාවට තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරීම පිළිබඳව තමා දැඩි සතුටට පත්ව සිටින බව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ අංක හත පිතිකරු අස්මතුල්ලා ඔමාර්සායි ගෝල් මාවල්ස් සමඟ පැවැති තරගයෙන් පසුව ප්‍රකාශ කළේය.

ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම මේ තරගයේදී කඩුලු පහක ජයක් අත්කර ගත් අතර 25 හැවිරිදි අස්මතුල්ලා ඔමාර්සායි පන්දු 13කට මුහුණ දී හතරේ පහර හතරක් හයේ පහර දෙකක් සමඟ නොදැවී ලකුණු 35ක් ලබා සිටියේය. අස්මතුල්ලා සමඟ නායක චරිත් අසලංක හයවන කඩුල්ලට නොදැවී තැබු සබඳතාවය පන්දු 19කදී (ඕවර තුනයි පන්දුවයි) ලකුණු 49කි.

අස්මතුල්ලා ඔමාර්සායි ඇෆ්ගනිස්තාන ජාතික කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයකු වන අතර ඔහු ගෝල් සමඟ තරගයේ පන්දු යැවීමේදී ද දක්ෂතා දැක් වුයේ ලකුණු 33කට කඩුලු දෙකක් දවාලමිනි.

“ශ්‍රී ලංකාවේ තණතිලි පිළිබඳව මා ඉතාමත් සතුටු වනවා. මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායම ලකුණු 180ක් රැස් කළත් දෙවනුවට පන්දුවට පහර දෙන කණ්ඩායමට ඒ පිටු පස හඹාගොස් ජයගත හැකි ලෙස මෙහි සෑදී ඇති තණතිලි විශිෂ්ටයි.“

“මෙය මගේ ප්‍රථම එල්.පී.එල්. තරගාවලිය මෙන්ම එල්.පී.එල්. තරගාවලියක තරගයක දක්ෂතම ක්‍රීඩකයා වූ ප්‍රථමවතාව ද මෙයයි. මට පන්දු 13කදී නොදැවී ලකුණු 35ක් රැස් කිරීමට හැකි වුයේ තණතිලි පිතිකරුවනට වාසිදායක වූ නිසයි.“

මෙහි ක්‍රීඩාංගණවල ඈත පෙදෙස්වල පන්දුව ගමන් කරන්නේ ද වේගයකින් (Fast Outfield) මෙයින් පෙන්නුම් කරන්නේ පිතිකරුවනට ඉතා වාසිදායක වන බවයි. මෙවැනි තණතිලි සහ ක්‍රිඩාංගණවල ක්‍රීඩා කිරීමට තමා ඇලුම් කරන බව ද ඔමාර්සායි පවසයි.

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

USD United States (US) dollar