slc
logo
Home   |    News
ජූලි 10, 2024
සිව්වැනි ජයත් සමඟ ගෝල් මාවල්ස් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට

sinhala editor

Chamila Karawita reporting from Dambulla

ප්‍රභාත් ජයසූරියගේ පන්දු යැවීමත් (30/3), ඇලෙක්ස් හේල්ස්, නිරෝෂන් දික්වැල්ල සහ භානුක රාජපක්ෂගේ පිතිහරඹයත් හේතුවෙන් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ගෝල් මාවල්ස් කණ්ඩායම අද (10 දා) රාත්‍රියේ සමත්වූවේය.

රමේෂ් මෙන්ඩිස්ට එල්ල කරන ලද හතරේ පහරත් සමඟ මාවල්ස් ජයග්‍රහණය සනිටුහන් වද්දී තවත් කඩුලු 8 ක් සහ පන්දු 4 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ. නොදැවුණු පිතිකරුවන් ලෙසින් කඩුල්ලේ රැදී සිටි භානුක රාජපක්ෂගේ නම ඉදිරියෙන් ලකුණු 46 කුත් ඇලෙක්ස් හේල්ස්ගේ නම ඉදිරියෙන් ලකුණු 86 කුත් රැඳවී තිබුණේ ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාවය පන්දු පන්දු 47 කදී ලකුණු 81 ක් ලෙස සටහන්ව තිබියදීය.

අද තරගයට කදිම ආරම්භයක් ලබා දුන් ඇලෙක්ස් හේල්ස් සහ නිරෝෂන් දික්වැල්ල පන්දු 42 කදී වේගවත් ලකුණු 76 ක සම්බන්ධතාවක් පිහිටුවූහ. ජයග්‍රහණය වෙනුවෙන් සාර්ථක අඩිතාලමක් ලෙස එය සටහන් වද්දී ෆෝල්කන්ස් ඉනිමේ මැද පෙළ පිතිකරුවන් තිදෙනෙකු දවාලූ ප්‍රභාත් ජයසූරිය ජයග්‍රහණය සඳහා වන ප්‍රධාන අඩිතාලම එක් කර දීමට සමත්ව සිටියේය. 32 වැනි වියේ පසුවන ජයසූරිය එල්.පී.එල්. තරගාවලියට කෝඩුකාරයෙකි. එම තරගයේදී පන්දුවාර 4 ක් යොමු කරන හේ ලකුණු 30 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගනු ලබන්නේ සිය මංගල තරගයේදීම තරගයේ වීරයා සම්මානයටද හිමිකම් කියමිනි.

මෙම ජයග්‍රහණය ගෝල් මාවල්ස් නම ඉදිරියෙන් සනිටුහන් වද්දී එය මෙවර තරගවාරයේ තරග 6 කදී ඔවුන් ලද සිව්වැනි ජය ලෙසින් සටහන් විය. එහෙත් ඔවුනට වඩා ශුද්ධ ලකුණු වේගය අතින් ජැෆ්නා කිංග්ස් පිල ඉදිරියෙන් සිටීම නිසා ප්‍රසාද ලකුණු සටහනේදී නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුතු ගෝල් මාවල්ස් පිලට තවමත් හිමිව තිබෙන්නේ දෙවැනි ස්ථානයයි.

ඇන්ඩ්‍රෙ ෆ්ලචර් සහ දිනේෂ් චන්දිමාල්ගේ වේගවත් ආරම්භයත් සමඟ ඉතා හොඳ ස්ථාවරයක් ගොඩ නඟා ගැනීමට කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ. දෙවැනි සහ තෙවැනි පන්දුවාර ක්‍රියාත්මක කළ ඉසුරු උදාන සහ ඩ්වයින් ප්‍රිටෝරියස්ගේ පන්දුවාර 2 දී ලකුණු 42 ක් උදුරා ගත් මොවුන් දෙපළ පළමු කඩුල්ල වෙනුුවෙන් ලකුණු 54 ක් එක් කළේ පන්දු 26 ක් පමණක් වැය කරමිනි.

ප්‍රභාත් ජයසූරියගේ පන්දුවකට හයේ පහරක් එල්ල කළ චන්දිමාල් ඔහුගේ ඊළඟ පන්දුවට ගොදුරු වූයේ දික්වැල්ල උඩපන්දුවක් රැක ගැනීමෙනි. කෙසේ වෙතත් සිය ප්‍රාහාරාත්මක පිතිහරඹය එලෙසින් පවත්වාගත් ෆ්ලෙචර් සහ මැත්ව්ස් එක්ව 13 වැනි පන්දුවාරය වන තෙක්ම දළ ලකුණු වේගය 10 කට වැඩියෙන් පවත්වාගෙන යෑමට සමත්වූහ. එම සම්බන්ධතාව ප්‍රධාන කොට ෆෝල්කන්ස් කණ්ඩායමට පහසුවෙන්ම  ලකුණු 200 සීමාව ඉක්මවා යෑමේ හැකියාව හොඳින්ම පෙන්නුම් කළ නමුත්, පස්වරුවේ පැවැති ජැෆ්නා – කලම්බු අතර තරගයේ පරිදිම මැද පෙළ අසාර්ථක වීම නිසා ඔවුනට ලකුණු 187 කින් සෑහීමකට පත්වීමට සිදුවිය.

මැතිව්ස් සහ ෆ්ලෙචර් සම්බන්ධතාව විශිෂ්ඨ ලෙස ඉදිරියට ඇදී ගියද මැතිව්ස්ගේ දැවී යෑමත් සමඟ ෆෝල්කන්ස් කඩා වැටීම ඇරැඹිණ. ඒ අතරතුර යළිත් තරගයට පිවිසි ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ ගෝල් පන්දු යවන්නෝ පන්දු 10 ක් ඇතදු යවන්නෝ පන්දු 10 ක් අු යවන්න්ුළත කඩුලු 4 ක් දවා ගනිමින් ෆෝල්කන්ස් ඉනිම අඩපමණ කළහ. ඒ අතරින් නැගිට සිටි රමේෂ් මෙන්ඩිස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 14 කදී රැස් කරන ලද ලකුණු 28 නොවන්නට ෆෝල්කන්ස් පිල මීට වඩා අසීරුතාවයකට පත්වනු ඇත.

තරගාවලියේ දෙවැනි අදියර ලබන සෙනසුරාදා දිනයේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. ඒ කැන්ඩි ෆෝල්ක්න්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර තරගයෙනි. තරගාවලියේ මෙතෙක් පැවැති තරග බොහෝමයක් ඉතාමත් උද්‍යෝගකර ලෙසින් පැවැතීම නිසා අවසන් කණ්ඩායම් 4 යන කණ්ඩායම් කවුරුන්ද යන්න නිශ්චිතවම සඳහන් කළ නොහැක. කෙසේ වෙතත් තරග 6 කදී ජයග්‍රහණය 2 ක් පමණක් ලබා ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථානයේ රැදි සිටින්නේ වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායමයි.

කැන්ඩි ෆෝල්කන්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 187 යි

(ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් 69, දිනේෂ් චන්දිමාල් 32, ඇන්ජලෝ මැතිව්ස් 29, රමේෂ් මෙන්ඩිස් 28, ප්‍රභාත් ජයසූරිය 30/3, ඩ්වයින් ප්‍රිටොරියස් 37/2)

ගෝල් මාවල්ස් පන්දුවාර 19.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 188 යි

(ඇලෙක්ස් හේල්ස් 86*, නිරෝෂන් දික්වැල්ල 25, ටිම් සීෆර්ට් 16, භානුක රාජපක්ෂ 46*)

Active filters

Recent Posts

  • ටී-10 උණුසුම දෙසැම්බර් 12 වැනිදා පල්ලේකැලේදී ඇරඹෙයි
    ශ්‍රී ලංකාවේදී පළමු වතාවට ක්‍රියාත්මක ලංකා ටී-10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ලබන දෙසැම්බර් මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. […]
  • නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියට කුසල් පෙරේරා කැඳවයි
    නොවැම්බර් මස 09වැනිදා නවසීලන්ත පිලට එරෙහිව ආරම්භ වන තරග 2 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති […]
  • ‘ඒ‘ කණ්ඩායමේ නායකත්වය පසිඳු – නුවනිඳු යටතට
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ තරග සංචාරය වන පාකිස්තානු  පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී සිව්දින සහ එක්දින තරග සඳහා වෙන වෙනම නායකයින් පත් කිරීමට උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු […]
  • නවසීලන්ත පිලෙන් කොටසක් එයි
    පන්දුවාර විස්සයි-20 තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනෙක් ඊයේ (14 වැනිදා) මධ්‍යම රාත්‍රිෙය් ශ්‍රී ලංකාවට පැමිණිය. කාණ්ඩ දෙකක් […]
  • ප්‍රීමා කුසලාන 15න් පහළ නැෂනල් යූත් 21 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානත්වයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15 න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා කොළඹදී ආරම්භ වනු ඇත. සමාරම්භක දිනයේදී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee