slc
logo
Home   |    News
ජූලි 9, 2024
LPL වසරින් වසර දියුණු වනවා – කුසල් ජනිත්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉතා හොඳ තරගාවලියක් ලෙස තමා දකින බවත් වසර පහක් මුළුල්ලේ පැවැති මේ තරගාවලිය වසරින් වසර දියුණු වූ හෙයින් අනාගතයේදී මෙය වඩා හොඳ තරගාවලියක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව දඹුල්ල සික්සර්ස් – කළම්බු ස්ට්‍රයිකර්ස් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු කුසල් ජනිත් පෙරේරා සඳහන් කරයි.

දඹුල්ල කණ්ඩායම මීට පෙර පැවැති තරග තුනේදීම හොඳින් ක්‍රීඩා කළත් ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වූ බව කී කුසල් ජනිත් ප්‍රබල කළම්බු ස්ට්‍රයිකර්ස් පරාජයට පත් කරමින් දඹුල්ල ප්‍රදේශයේම විශාල ජනකායක් ඉදිරියේ ජය ගැනීමට හැකි වීම පිළිබඳව තමා සතුටු වන බව ද කීවේය.

දඹුල්ල සික්සර්ස් පන්දු යවන්නන් මේ තරගයේදී ඉතා හොඳින් පන්දු යවා කළම්බු කණ්ඩායම ලකුණු 185කට සීමාකර ගැනීමට හැකි වීම මේ තරගය ජය ගැනීමට ප්‍රධාන සාධකය වූ බව කී කුසල් ජනිත් පිතිකරුවනට වාසිදායක මෙවැනි තණතිලිවල පන්දු යවන්නන්ට දස්කම් දැක්වීම අසීරු කරුණක් යැයි ද පැවසීය.

මේ තරගයේදී කණ්ඩායමේ පිතිකරුවන් අනුගමනය කළ පිළිවෙත වුයේ ප්‍රථම ඕවර හයට (පවර් ප්ලේ) වේගයෙන් ලකුණු රැස් කර එය තවදුරටත් ඇදගෙන යාම බව පැවසු කුසල් ජනිත් එය සාර්ථක වී කණ්ඩායම ලත් ජයග්‍රහණය පිළිබඳව ප්‍රදේශයේ ජනතාව ප්‍රීති වූ ආකාරය දැක කණ්ඩායමේ ක්‍රීඩකයන් ද ඊට හවුල් වුුයේ යැයි ද කීවේය.

“දඹුල්ල ක්‍රීඩාංගණයේ තණතිල්ල වගේම පිටියේ ඈත පෙදෙස් හිදී ද පන්දුව ගමන් ගත්තේ දැඩි වේගයකින්. ක්‍රීඩකයන් දෙදෙනකුගේ මැදට (Gap – ගැප්) එක පහරක් එල්ල කළොත් එය හතරේ සීමාව කරා යන බව අප හොඳින් දැන සිටියා. මේ තරගයේදීත් අපට පීඩනය බලපෑවත් අප එය අභිබවා යාමට සමත් වුයේ පන්දු යවන්නන් කළම්බු කණ්ඩායම ලකුණු 200කට අඩුවෙන් දවාලීම නිසයි.“

මේ තරගාවලියට විදේශ ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය ලබා ගැනීමෙන් දේශීය තරුණ ක්‍රීඩකයනට ඔවුන්ගෙන් ලබා ගත හැකි දේ බොහෝමයකි. “ඒ වගේම අප හට නිදහසේ ක්‍රීඩා කිරීමට අවස්ථාව සළසා දීම මා තදින්ම අගය කරනවා. හොඳින් පන්දු යවන්න හැකි නම් මේ තරග ජය ගත හැකියි. ඒ වගේම ලකුණු 180ක් වැනි සංඛ්‍යාවක් එළවා යාම ද අසීරු කරුණක් නොවන බව ද දඹුල්ල ආරම්භක පිතිකරු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන කුසල් ජනිත් පෙරේරා කියයි.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar