slc
logo
Home   |    News
ජූලි 3, 2024
LPL වේගවත්ම ශතකය කුසල් ජනිත් පෙරේරාගෙන්

sinhala editor

වසර 5 ක ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ එදාමෙදාතුර පිතිකරුවකු වාර්තා කරන ලද වේගවත්ම ශතකයට උරුමකම් කීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත්විය. ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහව අද (03 දා) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පන්දු 50 කදී එම දක්ෂතාවය දැක්වීමට කුසල් සමත්විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ ඉකුත් 2023 වසරේදී කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියෝජනය කළ බාබර් අසාම් වේ. ගෝල් ටයිටෑන්ස් පිලට එරෙහිව අසාම් එම දක්ෂතාවය පන්දු 57 කදී දක්වා තිබේ.

මේ අතර කුසල් අද වාර්තා කරන ලද්දේ මෙතෙක් එල්.පී.එල්. තරගාවලිවල පිතිකරුවකු වාර්තා කරන ලද පස්වැනි ශතකය වෙයි. ඔහුට පෙර ලොරී එවන්ස්, (පන්දු 60 කදී), අවිශ්ක ප්‍රනාන්දු (පන්දු 63 කදී), සහ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් (පන්දු 66 කදී) එල්.පී.එල්. තරග වලදී ශතක ලද පිතිකරුවෝ වෙති.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee