slc
logo
Home   |    News
ජූලි 18, 2024
ආසියානු කුසලානයට ශ්‍රී ලංකා කාන්තා පිල නම් කරයි

sinhala editor

දඹුල්ලේදී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් වෙයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 19 වැනිදා සිට 28 වැනිදා දක්වා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. රටවල් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී සත්කාරක ශ්‍රී ලංකාව හැරුණු කොට ගෙන බංග්ලාදේශය, මලයාසියාව, තායිලන්තය ‘බී‘ කාණ්ඩය යටතේත් ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් සහ නේපාලය ‘ඒ‘ කාණ්ඩය යටතේත් තරග වදිති.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍ර බෝධනී, අචිනි කුලසූරිය, ඉනෝෂි ප්‍රියදර්ශනී, කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා, හෂිනි ගිම්හානි, අමා කාංචනා.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee