slc
logo
Home   |    News
ජූලි 9, 2024
කඩුලු දවාගන්න හැටි ඉගෙන ගන්න දඹුල්ල තණතීරුව වඩාත් යෝග්‍යයි

sinhala editor

පන්දු යවන්නෙකුට තම දක්ෂතා දියුණු කර ගැනීමට නම් දඹුල්ල වැනි පිතිකරුවන්ට වාසිදායක ක්‍රීඩාංගණයක පන්දු යැවීමෙන් විශාල අත්දැකීමක් ලබාගත හැකි බව සඳහන් කර සිටින ඉසුරු උදාන, ඒ සඳහා ලංකා ප්‍රිිමියර් ලීග් තරගාවලිය හොඳම අවස්ථාවක් වී තිබෙන බව සඳහන් කර සිටියි. ගෝල් මාවල්ස් – කැන්ඩි ෆැල්කන්ස් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු මාවල්ස් කණ්ඩායම උදාන තරගයෙන් අනතුරුව ඉහත අදහස් පළ කර සිටියේය.

තමා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන මේ වන විට වසර තුනක් ගත වන බව පැවසු ඉසුරු උදාන තමා තුළ වෙනත් පෞද්ගලික ඉලක්ක නොමැති බවත්, මේ වන විට පෙන්වන දක්ෂතා තව තවත් දියුණු කර ගනිමින් නියෝජනය කරන කණ්ඩායමට ශූරතාව දිනා දීමට දායක වීමට ලැබෙන්නේ නම් ඒ පිළිබඳව සතුටු වන බව ද ඉසුුරු උදාන කියයි.

වේගය අඩු පන්දු යවන්නන්ට වාසිදායක තණතිලිවල කඩුලු ලබා ගැනීමෙන් පන්දු යවන්නකුට තමන්ගේ දක්ෂතා දියුණු කර ගැනීමට අවස්ථාවක් නොලැබෙන බව පවසන උදාන පන්දු යැවීමේ දක්ෂතා දියුණු කර ගැනීමට නම් දඹුල්ල සහ පල්ලේකැලේ වැනි පිතිකරුවනට වාසිදායක වන වේගවත් තණතිලිවල හොඳින් පන්දු යවා කඩුලු ලබා ගත යුතුව ඇතැයි ද කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි පහටම සහභාගි වීමට අවස්ථාව ලැබීම ගැන තමා පුද්ගලිකවම සතුටු වන බව පවසන මේ තුන් ඉරියව් ක්‍රීඩකයා මේ තරගාවලිය තුළින් ජාතික හෝ ජාත්‍යන්තර හෝ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට යම් තරුණ ක්‍රීඩකයකු පිවිසෙන්නේ නම් එය වඩාත් ඵලදායක වනු ඇතැයි ද පවසයි.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතිල්ල පිතිකරුවනට වාසිදායක වන අයුරින් වේගවත්ව ලෙස සකසා තිබීමෙන් පන්දු යවන්නන්ට මෙහි වාසියක් අත්නොවන බව කී ඉසුරු උදාන තමා අනුගමනය කළ පිළිවෙත වූ ක්‍රිකට් ක්‍රීඩාවේ සරල මූලික සිද්ධාන්ත අනුව නියමිත ස්ථානවලට පන්දුව පතිත කිරීමෙන් (Line and Length) තමා කඩුලු ලබා ගත් බව ද කීවේය.

“මේ තණතිල්ලේ දෝලනයක් තිබුණෙත් නෑ. ඒ නිසාම මා සිදු කළේ නියම ස්ථානවලට පන්දු පතිත කිරීමයි. මා හට ඉන් නියම ප්‍රයෝජන ලැබුණා. අනෙක් කරුණ වුයේ ඔවුන් ලබා සිටියේ ලකුණු තිහක් පමණ අඩුවෙනුයි. එයත් අපට වාසියක් වුවා. අප එය කළින්ම දැනගෙනයි සිටියේ.“

“මේ තරගාවලියේ තරග හතරක්ම හොඳින්ම ක්‍රීඩා කිරීමට අපට අවස්ථාව උදා වීම පිළිබඳව සියලු ක්‍රීඩකයන් සතුටු වනවා. අපගේ අපේක්ෂාව ඉදිරි තරග කිහිපයේදීත් හොඳින්ම දස්කම් දැක්වීම යැයි ද“ ඉසුරු උදාන ප්‍රකාශ කළේය.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee