slc
logo
Home   |    News
අගෝස්තු 13, 2024
ගාල්ලේ ප්‍රතිවාදීන් වීමට කොළඹ සහ මහනුවර අතර සටනක්

sinhala editor

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ නැෂනල් යූත් ලීග් බාළිකා ක්‍රිකට් තරගාවලිය යටතේ සිව්වැනි තරග ජයග්‍රහණය වාර්තා කළ ගෝල් කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම අගෝස්තු මස 15 වැනිදා පැවැත්වීමට නියමිත අදාළ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (13 දා) සමත්විය.

මෙවර තරග වාරයේ ප්‍රබලතම කණ්ඩායම බවට පත්ව සිටින ගෝල් කණ්ඩායම කැන්ඩි කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කරමින් සිව්වැනි ජයග්‍රහණය වාර්තා කළේය. ඔවුන් මෙතෙක් තරගාවලියේ තරග 5 ක් ක්‍රීඩා කළ අතර එක් තරගයක් වර්ෂාව හේතුවෙන් විසඳුම් රහිත විය.

මේ අතර අද පැවැති අනෙක් තරගයේදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 39 ක ජයක් වාර්තා කිරීමට කලම්බු කණ්ඩායම සමත්වීමත් සමග ලබන 15 වැනිදා ගෝල් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ කවුරුන්ද යන්න කැන්ඩි කණ්ඩායම සහ කලම්බු කණ්ඩායම් අතර සටනක් නිර්මාණය වී තිබේ. මූලික වටය යටතේ කැන්ඩි කණ්ඩායම ජයග්‍රහණ 3 ක්ද කලම්බු කණ්ඩායම ජයග්‍රහණය 2 ක්ද වාර්තා කරමින් හෙට දිනයේ තරග වලට පිවිසෙන්නේ තීරණාත්මක ජයග්‍රහණ බලාපොරොත්තුවෙනි.

හෙට දිනයේදී කලම්බු කණ්ඩායමට මෙතෙක් එකම තරගයක් හෝ ජය ගැනීමට අපොහොසත්ව සිටින දඹුලු කණ්ඩායම මුණ ගැසෙන අතර කැන්ඩි පිල ප්‍රබල ගෝල් කණ්ඩායම මුණ ගැසෙනු ඇත. යම් ලෙසකින් මේ තරග වලදී කොළඹ පිල වැඩි ලකුණු පරතරයකින් දඹුලු පිල පරාජය කොට, කැන්ඩි කණ්ඩායම ගෝල් පිල හමුවේ පරාජයට පත් වුවහොත් අවසන් මහ සටන තේරීම ශුද්ධ දල ලකුණු වේගය අනුව සිදුකෙරෙනු ඇත.

ගෝල් කණ්ඩායම, කැන්ඩි පරාජය කිරීමට ලකුණු 61ක ඉලක්කයක් හඹායද්දී ගෝල් අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායමේ ලකුණු අතර සිටින පිතිකාරිණියන් දෙදෙනකු වන හිරුණි හංසිකා නොදැවී ලකුණු 24ක් ද සුමුදු නිසංසලා නොදැවී ලකුණු 33ක් ද දෙවැනි කඩුල්ලට රැස් කරමින් කණ්ඩායම පහසු ජයග්‍රහණයක් කරා ගෙන ගියේ ඕවර 9.2ක් පමණක් ගතවන විටය.

ආරම්භක පිතිකාරිණිය හිරුණි හංසිකා පන්දු 22කට මුහුණ දී හතරේ පහර හතරක් සමඟ නොදැවී ලකුණු 24ක් රැස් කරද්දී අංක තුන පිතිකාරිණිය සුමුදු නිසංසලා නොදැවී ලකුණු 33ක් රැස් කළේ පන්දු 29කට මුහුණ දී  හතරේ පහර පහක් සමඟය.

හිරුණි සහ සුමුදු ගෝල් දෙවන කඩුල්ලට නොදැවී ලකුණු 59ක සබඳතාවයක් තබා ගත්තේ පන්දු 51කට මුහුණ දෙමිනි. මේ තරගයේ කාසියේ වාසිය දිනු ගෝල් කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දුවට පහරදීම කැන්ඩි කණ්ඩායම වෙත පැවරීමටය.

කැන්ඩි කණ්ඩායම ලකුණු හැටකට දවාලීමට ගෝල් කණ්ඩායමට අවස්ථාව උදා වුයේ ඔවුනගේ දක්ෂම පන්දු යවන්නියක වන ෂෙහාරා ඉඳුවර ඕවර දෙකක් යවා ලකුණු තුනකට ප්‍රබලම පිතිකාරිණියන් දෙදෙනකු දවාලීමෙනි.

මේ අතර පස්වරුවේ පැවැති තරගයේදී කළම්බු පිලේ ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ විශ්මි සොයිසා ලකුණු හතකට දඹුල්ල පිතිකාරිණියන් සිව්දෙනකුම දවාලුවාය.

 ලකුණු අතරට පිවිසි කළම්බු 19න් පහළ බාලිකාවන් වු අංක දෙක පිතිකාරිණිය එරන්දි වර්ණකුලසූරිය ලකුණු 35ක් ද, දහමි සෙනෙත්මා නොදැවී ලකුණු 35ක් ද , ලිහන්සා දුල්මි ලකුණු 26ක් ද නායිකා  හසිනි විජේසිංහ ලකුණු 15ක් ද සහ යේසලි ජිතාරා ලකුණු දහයක් ද රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

මේ අවස්ථාවේ දඹුල්ල හයවන කඩුල්ලට අංක හතර පිතිකාරිණිය දිනායා ගමගෙදර පන්දු 37කදී ලකුණු 26ක් ද අංක පහ පිතිකාරිණිය නායිකාව තනුෂි උත්පලා ලකුණු 13ක් ද (පන්දු 23යි හතරේ දෙකයි) පන්දු 38කදී ලකුණු 42ක සබඳතාවයක් තබා ගනිමින් මුළු ලකුණු සංඛ්‍යාව 72 දක්වා ඉහළ නැංවුහ. මේ පිතිකාරිණියන් දෙදෙනාගේ දැවීයාමත් සමඟ දඹුල්ල ඉනිම 87කට (ඕවර 19) සීමා විණි. විශ්මි සොයිසා ඕවර හතරක් යවා ලකුණු හතකට කඩුලු හතරක් දවා කැපි පෙනුණු පන්දු යවන්නිය බවට පත් වුවාය.

ලකුණු සාරාංශය

කැන්ඩි ඕවර 15කදී කඩුලු පහකට ලකුණු 60යි –

මිතාලි අයෝධ්‍යා නොදැවී 21, කවිෂ්කා අබේරත්න 10, අසේනි තලගුණේ නොදැවී 07, ෂෙහාරා ඉඳුවර 3/2, රශ්මිකා සෙව්වන්දි 9/1, රශ්මි නේත්‍රාංජලී 14/1

ගෝල් ඕවර 9.2කදී කඩුලු 1ට 61යි –

සුමුදු නිසංසලා නොදැවී 33, හිරුණි හංසිකා නොදැවී 24, ප්‍රමුදි මෙත්සරා 15/1

කලම්බු සහ දඹුල්ල

කළම්බු ඕවර 20දී කඩුලු 5ට 126යි –

දහමි සෙනෙත්මා නොදැවී 35, එරන්දි වර්ණකුලසූරිය 35, ලිහන්සා දුල්මිණි 26, හසිනි විජේසිංහ 15, යේසලි ජිතාරා 10, දනුලි තෙන්නකෝන් 19/2, වගීෂා ජයවර්ධන 17/1, චලනි කවීෂා 28/1

දඹුල්ල ඕවර 19දී සියල්ල දැවී 87 –

දිනායා ගමගෙදර 26, ධනෝද්‍යා සෙව්මිණි 15, තනුෂි උත්පලා 13, ශ්‍යානි තෙන්නකෝන් 08, විශ්මි සොයිසා 7/4, දිනිති නාගසිංහ 18/2, ලිම්මි තිලකරත්න 8/1

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරග කණපිටි පෙරළති
    ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වූ අද (08 වැනිදා) එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. […]
  • වැස්ස නිසා කාන්තා ඒ තරගය අතහැර දමයි
    ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව සිටින බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර අද (08 දා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිල නොවන එක්දින […]
  • කමිඳු – ධනංජය යළි බලාපොරොත්තු නංවයි
    ලකුණු 93 ක් ඇතුළත කඩුලු 5 ක් බිද වැටුණද ශ්‍රී ලංකා ඉනිමේ බලාපොරොත්තු ගොඩනැංවූ කමිදු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක […]
  • එංගලන්ත නායකයාගෙන් වේගවත් ශතකයක්
    ශ්‍රී ලංකාවට එරෙහිව 3-0 ක තරගාවලි ජයකට මාන බලා සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලන්ඩන් ඕවල් පිටියේදී අද ආරම්භ වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී මන්දාලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට […]
  • එංගලන්තයේ ජයග්‍රාහී රිද්මය ශ්‍රී ලංකාවට නවතාලිය හැකි වේද…?
    එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගිවන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට (සිකුරාදා) ලන්ඩන් නුවර ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. මෙතෙක් පැවැති තරග […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee