slc
logo
Home   |    News
සැප්තැම්බර් 24, 2024
කාන්තා ලෝක කුසලාන නිලධාරිනියන් අතරට ශ්‍රී ලංකාවෙන් මිෂෙල් සහ නිමාලි

sinhala editor

එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයදී ඔක්තෝම්බර් මසදී  ආරම්භ වනු ලබන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද තරග නිලධාරීන් අතරට ශ්‍රී ලංකාවෙන් දෙදෙදෙනකු ඇතුළත්ව සිටියි. තරග තීරකවරියක ලෙස කටයුතු කරනු ලබන මි‍ෂෙල් පෙරේරා සහ විනිසුරුවරියක ලෙසින් කටයුතු කරන නිමාලි පෙරේරා මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන දෙදෙනා වෙති.

9 වැනි වතාවටත් ක්‍රියාත්මක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවලින් තෝරා ගන්නා ලද නිලධාරීවරියන් 10 දෙනෙකු මෙවර ලෝක කුසලාන තරගාවලියේ නිලධාරිනියන් ලෙස කටයුතු කිරීම සඳහා තෝරා ගෙන තිබේ. මේ අතරින් මිෂෙල් පෙරේරා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී තරග තීරකවරියක ලෙසින් කටයුතු කරනු ලබන දෙවැනි වතාව මෙය වන්නේය.

තරග තීරකවරියන් – ශැන්ඩ්‍රෙ ෆ්‍රිට්ස්, ජී. එස්. ලක්ෂ්මි, මිෂෙල් පෙරේරා.

තරග විනිසුරුවරියන් – ලෝරන් අගෙන්බැග්, කිම් කොටන්, සාරා දම්බනෙවාන, ඈන් හැරිස්, නිමාල් පෙරේරා, ක්ලෙයාර් පොලොසැක්, වින්දරා රාතී. සූ රෙඩ්ෆර්න්, එලොස් ශෙරිඩන්, ජැකලින් විලියම්ස්.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee