slc
logo
Home   |    News
සැප්තැම්බර් 17, 2024
ජාතික පිලේ බහුතරයකගෙන් සමන්විත බංග්ලාදේශ ‘ඒ‘ පිලට එරෙහිව ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩිකාවෝ ජය ලබති

sinhala editor

‘ඒ‘ තරග සංචාරයක් වුවද සිය ජාතික කණ්ඩායමේ බහුතර ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත බංග්ලාදේශ ‘ඒ‘ පිලට එරෙහිව කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ පැවැති සිව්වැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රීඩිකාවෝ අද (17 දා) පස්වරුවේදී සමත්වූහ. ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම මෙම තරගය ජය ගත්තද තරගාවලියේ පළමු තරග 3 ම ජය ගැනීමට සමත්ව සිටින බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ තරගාවලිය 3-1 ක් ලෙස පෙරමුණ ගෙන සිටිති.  

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 5 කට ලකුණු 124 ක් ලබා ගත් අතර එය හඹා යෑමේදී බංග්ලාදේශ ‘ඒ‘ කණ්ඩායමට පන්දුවාර 19.3 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 105 ක් පමණි.

පන්දු යැවීමේදී දෙව්මි විහංගා, තාරුකා ෂෙහානි, චේතනා විමුක්ති සහ නිමේෂා මදුෂානි කඩුලු 2 බැගින් බිඳ හෙලූහ. ඉලක්කය හඹා යෑමේදී මුලු ලකුණු 2 දී ඩිලාරා අක්ටර් ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගැනීමට චේතනා විමුක්ති සමත්වූවාය. කෙසේ වෙතත් අනෙක් ආරම්භක පිතිකාරිණිය වූ කඩුලු රකින ක්‍රීිකා ශමිමා සුල්ටාන් පන්දු 41 කදී ලකුණු 38 ක් වාර්තා කළේ තම ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් කර මිනි.

ඇය හැරුනු කොට මැද පෙළින් පැමිණි ෂෝර්නා අක්ටර් පන්දු 19 කදී ලකුණු 28 ක්ද ටාජ් නෙයර් පන්දු 18 කදී ලකුණු 15 ක් පමණක් රැස් කරගත් අතර සෙසු පිතිකාරිනියන්ට ලකුණු 10 සීමාව ඉක්මවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අවසර ලබා නොදුන්හ.

පන්දුවට පහර දීමේදී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 3 ම ලකුණු 25 දී බිඳ වැටුණු නමුත් අංක 5 පිතිකාරිනිය ලෙසින් පිවිසි නායිකා සත්‍යා සංදීපනී පන්දු 33 කදී නොදැවී ලකුණු 46 ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ දැම්මාය. ඇය ඒ වෙනුවෙන් තම ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් වර්ණවත් කරගත්තාය. ඇයට අමතරව අගනා සහායක් ලබා දුන් පියම් වත්සලා පන්දු 29 කදී ලකුණු 29 ක්ද මල්සා ෂෙහානි පන්දු 14 කදී නොදැවී ලකුණු 21 ක් ද ලබා ශ්‍රී ලංකා කාන්තා ඒ ලකුණු පුවරුව ලකුණු 125 සීමාව ඔබ්බට ගෙන ගියහ.

දෙරට අතර පැවැත්වෙන අවසන් සහ පස්වැනි විස්සයි-20 තරගය ලබන 19 වැනිදා කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 5 කට ලකුණු 124 යි

සත්‍යා සංදීපනී 46*, පියුමි වත්සලා 29, මල්ෂා ෂෙහානි 21*, ෆාහිමා ඛටුන් 13/2, මරුෆා අක්ටර් 21/2

බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 19.3 කදී සියලු දෙනා දැවී ලකුණු 105 යි

ශමිමා සුල්තාන් 38, ටාජ් නෙහාර් 15, ෂෝර්නා අක්ටර් 28, දෙව්මි විහංගා 21/2, තාරුකා ෂෙහානි 19/2, චේතනා විමුක්ති 15/2, නිමේෂා මදුෂානි 22/2, මල්ෂා ෂෙහානි 28/1

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee