slc
logo
Home   |    News
සැප්තැම්බර් 17, 2024
ජාතික පිලේ බහුතරයකගෙන් සමන්විත බංග්ලාදේශ ‘ඒ‘ පිලට එරෙහිව ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩිකාවෝ ජය ලබති

sinhala editor

‘ඒ‘ තරග සංචාරයක් වුවද සිය ජාතික කණ්ඩායමේ බහුතර ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත බංග්ලාදේශ ‘ඒ‘ පිලට එරෙහිව කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ පැවැති සිව්වැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රීඩිකාවෝ අද (17 දා) පස්වරුවේදී සමත්වූහ. ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම මෙම තරගය ජය ගත්තද තරගාවලියේ පළමු තරග 3 ම ජය ගැනීමට සමත්ව සිටින බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ තරගාවලිය 3-1 ක් ලෙස පෙරමුණ ගෙන සිටිති.  

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 5 කට ලකුණු 124 ක් ලබා ගත් අතර එය හඹා යෑමේදී බංග්ලාදේශ ‘ඒ‘ කණ්ඩායමට පන්දුවාර 19.3 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 105 ක් පමණි.

පන්දු යැවීමේදී දෙව්මි විහංගා, තාරුකා ෂෙහානි, චේතනා විමුක්ති සහ නිමේෂා මදුෂානි කඩුලු 2 බැගින් බිඳ හෙලූහ. ඉලක්කය හඹා යෑමේදී මුලු ලකුණු 2 දී ඩිලාරා අක්ටර් ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගැනීමට චේතනා විමුක්ති සමත්වූවාය. කෙසේ වෙතත් අනෙක් ආරම්භක පිතිකාරිණිය වූ කඩුලු රකින ක්‍රීිකා ශමිමා සුල්ටාන් පන්දු 41 කදී ලකුණු 38 ක් වාර්තා කළේ තම ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් කර මිනි.

ඇය හැරුනු කොට මැද පෙළින් පැමිණි ෂෝර්නා අක්ටර් පන්දු 19 කදී ලකුණු 28 ක්ද ටාජ් නෙයර් පන්දු 18 කදී ලකුණු 15 ක් පමණක් රැස් කරගත් අතර සෙසු පිතිකාරිනියන්ට ලකුණු 10 සීමාව ඉක්මවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අවසර ලබා නොදුන්හ.

පන්දුවට පහර දීමේදී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 3 ම ලකුණු 25 දී බිඳ වැටුණු නමුත් අංක 5 පිතිකාරිනිය ලෙසින් පිවිසි නායිකා සත්‍යා සංදීපනී පන්දු 33 කදී නොදැවී ලකුණු 46 ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ දැම්මාය. ඇය ඒ වෙනුවෙන් තම ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් වර්ණවත් කරගත්තාය. ඇයට අමතරව අගනා සහායක් ලබා දුන් පියම් වත්සලා පන්දු 29 කදී ලකුණු 29 ක්ද මල්සා ෂෙහානි පන්දු 14 කදී නොදැවී ලකුණු 21 ක් ද ලබා ශ්‍රී ලංකා කාන්තා ඒ ලකුණු පුවරුව ලකුණු 125 සීමාව ඔබ්බට ගෙන ගියහ.

දෙරට අතර පැවැත්වෙන අවසන් සහ පස්වැනි විස්සයි-20 තරගය ලබන 19 වැනිදා කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 5 කට ලකුණු 124 යි

සත්‍යා සංදීපනී 46*, පියුමි වත්සලා 29, මල්ෂා ෂෙහානි 21*, ෆාහිමා ඛටුන් 13/2, මරුෆා අක්ටර් 21/2

බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 19.3 කදී සියලු දෙනා දැවී ලකුණු 105 යි

ශමිමා සුල්තාන් 38, ටාජ් නෙහාර් 15, ෂෝර්නා අක්ටර් 28, දෙව්මි විහංගා 21/2, තාරුකා ෂෙහානි 19/2, චේතනා විමුක්ති 15/2, නිමේෂා මදුෂානි 22/2, මල්ෂා ෂෙහානි 28/1

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar