slc
logo
Home   |    News
සැප්තැම්බර් 15, 2024
බංග්ලාදේශ ‘ඒ‘ ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලිය ජය ගනිති

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ ඒ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගිවූ තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන්ද ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම පරදවා ලකුණු 10 ක තියුණු ජයක් වාර්තා කිරීමට අද (15 දා) පස්වරුවේදී සමත්විය.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනසදී කඩුලු 9 ක් දැවී ලකුණු 97 ක් රැස් කර ගැනීමට සමත්වූ අතර එය හඹා යෑමේදී එම පන්දු යවන්නියන් හමුවේ ශ්‍රී ලංකා ඒ පිතිකාරිණියන්ට පන්දුවාර 20 අවසනසදී කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණ 87 ක් පමණි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම තරගාවලිය 3-0 ක් ලෙස ජය වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ සමත්වූහ.

බංග්ලාදේශ ඒ පිල වෙනුවෙන් රිටූ මෝනි නොදැවී ලකුණු 25 ක් ලබා ගන්නා විටදී පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ මල්ෂා ෂෙහානි ලකුණු 12 කට කඩුලු 4 ක් දවා ගත්හ. නිමේෂා මදුශානි කඩුලු 2 ක් දවා ගනිද්දී තාරුකා ෂෙහාන් සහ මල්කි මදරා කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

ශ්‍රී ලංකා ඉනිම පිළිබඳව අවධානය යොමු කිරීමේදී කෞෂානි නුත්‍යාංගනා (21) සහ නිලක්ෂනා සඳමිනී (22) පමණක් ලකුණ 20 සීමාව ඉක්මවා යෑමට සමත් වද්දී සත්‍යා සංදීපනී (12) පමණක් ලකුණු 10 සීමාව ඉක්මවා ගියාය. පන්දුයැවීමේදී මාරුෆා අක්ටර් සහ නහිදා අ්ටර් කඩුලු 2  බැගින් දවා ගනිද්දී රෙබෙයා ඛාන් ද කඩුලු 2 ක් දවා ගත්තාය.

දෙපිළ අතර පැවැත්වෙන සිව්වැනි විස්සයි-20 තරගය ලබන සැප්තැම්බර් මස 16 වැනිදා කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණ 97 යි

ඩිලාරා අක්ටර් 13, ශාති රානි 26, නිගර් සුල්තානා 12, රිටු මෝනි 25*, මල්ෂා ෂෙහානි 12/4, නිමේෂා මදුෂානි 19/2, තාරුකා ෂෙහානි 12/1, මල්කි මදාරා 30/1

ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 87 යි

සත්‍යා සංදීපනී 12, කෞෂානි නුත්‍යාංගනා 21, නිලක්ෂනා සඳමිනී 22, මරුෆා අක්ටර් 16/2, නහිදා අක්ටර් 16/2, රෙබෙයා ඛාන් 22/2, ෆහිමා ඛටුන් 13/1, සුල්ටානා ඛටුන් 20/1

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee