slc
logo
Home   |    News
සැප්තැම්බර් 15, 2024
බංග්ලාදේශ ‘ඒ‘ ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලිය ජය ගනිති

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ ඒ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගිවූ තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන්ද ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම පරදවා ලකුණු 10 ක තියුණු ජයක් වාර්තා කිරීමට අද (15 දා) පස්වරුවේදී සමත්විය.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනසදී කඩුලු 9 ක් දැවී ලකුණු 97 ක් රැස් කර ගැනීමට සමත්වූ අතර එය හඹා යෑමේදී එම පන්දු යවන්නියන් හමුවේ ශ්‍රී ලංකා ඒ පිතිකාරිණියන්ට පන්දුවාර 20 අවසනසදී කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණ 87 ක් පමණි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම තරගාවලිය 3-0 ක් ලෙස ජය වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ සමත්වූහ.

බංග්ලාදේශ ඒ පිල වෙනුවෙන් රිටූ මෝනි නොදැවී ලකුණු 25 ක් ලබා ගන්නා විටදී පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ මල්ෂා ෂෙහානි ලකුණු 12 කට කඩුලු 4 ක් දවා ගත්හ. නිමේෂා මදුශානි කඩුලු 2 ක් දවා ගනිද්දී තාරුකා ෂෙහාන් සහ මල්කි මදරා කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

ශ්‍රී ලංකා ඉනිම පිළිබඳව අවධානය යොමු කිරීමේදී කෞෂානි නුත්‍යාංගනා (21) සහ නිලක්ෂනා සඳමිනී (22) පමණක් ලකුණ 20 සීමාව ඉක්මවා යෑමට සමත් වද්දී සත්‍යා සංදීපනී (12) පමණක් ලකුණු 10 සීමාව ඉක්මවා ගියාය. පන්දුයැවීමේදී මාරුෆා අක්ටර් සහ නහිදා අ්ටර් කඩුලු 2  බැගින් දවා ගනිද්දී රෙබෙයා ඛාන් ද කඩුලු 2 ක් දවා ගත්තාය.

දෙපිළ අතර පැවැත්වෙන සිව්වැනි විස්සයි-20 තරගය ලබන සැප්තැම්බර් මස 16 වැනිදා කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණ 97 යි

ඩිලාරා අක්ටර් 13, ශාති රානි 26, නිගර් සුල්තානා 12, රිටු මෝනි 25*, මල්ෂා ෂෙහානි 12/4, නිමේෂා මදුෂානි 19/2, තාරුකා ෂෙහානි 12/1, මල්කි මදාරා 30/1

ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 87 යි

සත්‍යා සංදීපනී 12, කෞෂානි නුත්‍යාංගනා 21, නිලක්ෂනා සඳමිනී 22, මරුෆා අක්ටර් 16/2, නහිදා අක්ටර් 16/2, රෙබෙයා ඛාන් 22/2, ෆහිමා ඛටුන් 13/1, සුල්ටානා ඛටුන් 20/1

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි
    කුසල් මෙන්ඩිස්ගේ පස්වැනි එක්දින ශතකයත්, චරිත් අසලංකගේ අර්ධ ශතකයත් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 174 ක විශිෂ්ඨ […]
  • හලාවත මේරියන්ස් කඩුලු 9 ට ලකුණු 259 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හලාවත […]
  • එක්දින පන්දු යවන්නන් අතර තීක්ෂණ අංක 1 ට ළං වෙයි
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව […]
  • චරිත්ගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්
    By Chamila Karawita පිත්තෙන් විශිෂ්ඨ ශතකයක් මෙන්ම අවස්ථානුකූලව පන්දු යවන්නන් යොදා ගනිමින් කණ්ඩායම හැසිරවීමට චරිත් අසලංක සමත්වීමත් නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති පළමු […]
  • එක්දින තරගාවලිය හෝරා කීපයකින් ඇරඹෙයි
    වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියෙන් ලත් 2-0 ක තරගාවලි පරාජයේ අවමාන යම් තරමකින් අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අවස්ථාව වන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය […]

Pin It on Pinterest

USD United States (US) dollar