slc
logo
Home   |    News
සැප්තැම්බර් 30, 2024
අවු. 23න් පහළ අවසන් ගැටුම ඒස් කැපිටල් – මුවර්ස් අතර

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරරගාවලියේ අද නිමාවට පත් වුණු අවසන් පූර්ව තරග වලදි කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව  පළමු ඉනිමේ ජයක් වාර්තා කළ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය අදාළ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (30 දා) සමත්වූවේය. මේ අතර අනෙක් අර්ධ අවසන් පූර්ව තරගය ප්‍රතිඵල රහිත වීම නිසා මූලික වටයේ ලබා ඇති වැඩි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මත පදනම්ව මුවර්ස් ක්‍රීඩා සමාජය, ඒස් කැපිටල් කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටියි.

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කෝල්ට්ස් කණ්ඩායම පන්දුවර 64.4 කදී ලකුණු 226 ක් රැස් කරන ලදුව ඊට පිළීතුරු ඉනිම ක්‍රීඩා කළ ඒස් කැපිටල් කණ්ඩායම පන්දුවාර 52 ක් අවසනදී කඩුලු 4 ට ලකුණු 253 ක් ලබා ගැනීමට සමත්විය.

ඒස් කැපිටල් කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ වනුජ සහන් පන්දු 86 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 15 ක් සමගින් නොදැවී ලකුණු 115 ක් ලබා ගත්තේය. ඔහුට අමතරව තීරක රණතුංග හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 57 ක් රැස් කළේය. මොවුන් දෙදනො අතර සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය පන්ද 155 කදී ලකුණු 162 ක් විය.

මේ අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මුවර්ස් සහ රාගම අතර තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය ප්‍රතිඵල රහිත විය. පළමුව පන්දුවට පහර දුන් මුවර්ස් ක්‍රීඩා සමාජජය පන්දුවාර 78.5 කදී කඩුලු 9 ට ලකුණු 314 ක් රැස් කළ නමුත් ඊඨ පිළීතුරු ඉනිම ක්‍රීඩා කළ රාගම ක්‍රීඩා සමාජය පන්දුවාර 35.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 118 ක් ලබා සිටියේය.  ඒ අනුව මූලික වටය යටතේ ලද වැඩි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව හේතුවෙන් අවසන් මහ තරග වරම උදාකර ගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජයට අවස්ථාව උදාවිය.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 64.4 කදී සියලු දෙනා දැවී ලකුණු 226 යි

ශලින් ද මෙල් 18, සුකිත මනෝජ් 44, රවිඳු රශාන්ත 56, දුනිත් වෙල්ලාලගේ 45, හිරුණ ගාල්ලගේ 15, යසිරු රුද්‍රිෙගා් 16, අනුරාධ රණසිංහ 15*, දනාල් හේමානන්ද 56/5, වනුජ සහන් 38/2, මෙලාන් හංසක 30/2

ඒස් කැපිටලන්  පන්දුවාර 52 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 253 යි

හිරාන් ජයසුන්දර 43, තරිඳු අමරසිංහ 28, වනුජ සහන් 115*, තීරක රණතුංග 57, දුනිත් වෙල්ලාලගේ 66/2

මුවර්ස් – රාගම

මුවර්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 78.5 කදී කඩුලු 9 ට ලකුණු 314 යි

ඔමේෂ් මෙන්ඩිස් 75, රවිෂාන් ද සිල්වා 12, ලොහාන් ද සොයිසා 76, විශාර ප්‍රනාන්දු 35, තරිඳු ඩිලන්ක 25, රොහාන් සංජය 30, හරිඳු ජයසේකර 25, උවින් පෙරේරා 21/2, දසිත් ගුණතිලක 85/4, කවීෂ දුලංජන 44/2

රාගම ක්‍රීඩා සමාජය පන්දුවාර 35.2 කදී කඩුලු 4 ට ලකුණු 118 යි

ගවිරු සෙන්හස් 53, සහිල් ඩයස් 50*, යෙසිත් රූපසිංහ 08/3

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee