slc
logo
Home   |    News
සැප්තැම්බර් 24, 2024
කාන්තා ලෝක කුසලාන නිලධාරිනියන් අතරට ශ්‍රී ලංකාවෙන් මිෂෙල් සහ නිමාලි

sinhala editor

එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයදී ඔක්තෝම්බර් මසදී  ආරම්භ වනු ලබන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද තරග නිලධාරීන් අතරට ශ්‍රී ලංකාවෙන් දෙදෙදෙනකු ඇතුළත්ව සිටියි. තරග තීරකවරියක ලෙස කටයුතු කරනු ලබන මි‍ෂෙල් පෙරේරා සහ විනිසුරුවරියක ලෙසින් කටයුතු කරන නිමාලි පෙරේරා මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන දෙදෙනා වෙති.

9 වැනි වතාවටත් ක්‍රියාත්මක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවලින් තෝරා ගන්නා ලද නිලධාරීවරියන් 10 දෙනෙකු මෙවර ලෝක කුසලාන තරගාවලියේ නිලධාරිනියන් ලෙස කටයුතු කිරීම සඳහා තෝරා ගෙන තිබේ. මේ අතරින් මිෂෙල් පෙරේරා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී තරග තීරකවරියක ලෙසින් කටයුතු කරනු ලබන දෙවැනි වතාව මෙය වන්නේය.

තරග තීරකවරියන් – ශැන්ඩ්‍රෙ ෆ්‍රිට්ස්, ජී. එස්. ලක්ෂ්මි, මිෂෙල් පෙරේරා.

තරග විනිසුරුවරියන් – ලෝරන් අගෙන්බැග්, කිම් කොටන්, සාරා දම්බනෙවාන, ඈන් හැරිස්, නිමාල් පෙරේරා, ක්ලෙයාර් පොලොසැක්, වින්දරා රාතී. සූ රෙඩ්ෆර්න්, එලොස් ශෙරිඩන්, ජැකලින් විලියම්ස්.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee