ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (23) නිමාවට පත්වූ මෙම තරගයේදී දඹුල්ල පිල මුල් ඉනිමේ ඉදිරියෙන් සිටීම හේතුවෙන් වැඩි වාසි හිමිකර ගත්තේය. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ජැෆ්නා පිල සියලු දෙනා දැවී ලකුණු 418ක් ලබාගත් අතර, දඹුල්ල පිල කඩුලු 8ක් දැවී ලකුණු 470ක් රැස්කර ඉදිරියෙන් සිටියේය.
දඹුල්ල පිල වෙනුවෙන් විෂාද් රන්දික හයේ පහරක් හා හතරේ පහර 10ක් සමඟ පන්දු 331කදී ලකුණු 122ක් ලබාගත් අතර, දිනුර කළුපහන, ෂම්මු අෂාන්, චමිඳු විජේසිංහ හා ඉනුක කරන්නාගොඩ අර්ධ ශතක ලබා ඉනිම වර්ණවත් කළහ.
ජැෆ්නා ආරම්භක පිතිකරු රවිඳු රසන්ත පිත්තෙන් දස්කම් දක්වමින් පන්දු 229 කදී හතරේ පහර 13ක් සමඟ ලකුණු 120ක් ලබා තෙවැනි කඩුල්ලට ඇන්ජලෝ මැතිව්ස් සමඟ එක්ව පන්දු 271කදී ලකුණු 137ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් විය. මැතිව්ස් පන්දු 122කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 64ක් රැස්කළ අතර, නායක ජනිත් ලියනගේ පන්දු 102කදී හතරේ 8ක් හා හයේ 2ක් සමඟ නොදැවී ලකුණු 79ක් ලබා ගත්තේය.
නිරෝෂන් දික්වැල්ල පන්දු 64කදී හයේ 2ක් හා හතරේ 7ක් සමඟ ඉක්මන් ලකුණු 70ක් එක් කළේය.
ජැෆ්නා පිල සියලු දෙනා දැවී ලකුණු 418 (ඕවර් 107)
රවිඳු රසන්ත 120, තනුක දාබරේ 33, ඇන්ජලෝ මැතිව්ස් 64, ජනිත් ලියනගේ නොදැවී 79, නිරෝෂන් දික්වැල්ල 70, ඉසිත විජේසුන්දර 16 (දුලාජ් සමුදිත 88/3, අකිල ධනංජය 164/3)
දඹුල්ල පිල කඩුලු 8ක් දැවී ලකුණු 470 (ඕවර් 163)
නිශාන් මධුෂ්ක නොදැවී 23, රොන් චන්ද්‍රගුප්ත 20, දිනුර කළුපහන 55, විෂාද් රන්දික122, ෂම්මු අෂාන් 71, චමිඳු විජේසිංහ 72, ඉනුක කරන්නාගොඩ නොදැවී 51, අකිල ධසංජය නොදැවී 15, අතිරේක 28 (ඉසිත විජේසුන්දර 57/2, නිමේෂ් විමුක්ති 111/2, ජෙෆ්රි වැන්ඩර්සේ 121/2)