slc
logo
Home   |    News
ජූනි 13, 2025
ගවනර්ස් කප් අවසාන පූර්ව තරග 11 වැනිදා

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ආණ්ඩුකාර කුසලාන (ගවනර්ස් කප්) එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරග මේ මස 11 වැනිදා (බදාදා) පැවැත්වීමට නියමිතය.  අවසාන පූර්ව තරග දෙකට සහභාගි වන කණ්ඩායම් හතර වනුයේ ඕල්ඩ් ධර්මපාලියන්ස් – යුනිචෙලා ක්‍රීඩා සමාජය සහ සරසන්ස් – කඳුකර ක්‍රීඩා සමාජය වේ.

 ඕල්ඩ් ධර්මපාලියන්ස් ‘ඒ‘ කොටසේ ප්‍රථම ස්ථානයත් යුනිචෙලා ‘බී‘ කොටසේ දෙවන ස්ථානයත් ඕල්ඩ් සර්වේෂස් ‘බී‘ කොටසේ ප්‍රථම ස්ථානයත් කඳුකර ක්‍රීඩා සමාජය ‘ඒ ‘ කොටසේ දෙවන ස්ථානයත් මූලික වටයේ දී හිමිකර ගත්හ.

 ඕල්ඩ් ධර්මපාලියන්ස් – යුනිචෙලා ප්‍රථම අවසාන පූර්ව තරගය බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදීත් සරසන්ස් – කඳුකර ක්‍රීඩා සමාජය අතර දෙවන අවසාන පූර්ව තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.

 මේ තරග දෙකෙහි ජයග්‍රාහකයන් අතර අවසාන මහා තරගය පැවැත්වෙනුයේ ජුනි 14 වැනිදා බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදීය.

 සෙනසුරාදා (14) බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසාන මහා තරගයේ තරග විනිසුරුවන් වනුයේ සිසිර ප්‍රබෝධ සහ ප්‍රියාන් විතානාච්චිය.

 ශානුක විජේසිරි අවසාන මහා තරගයේ අතිරේක විනිසුරු ලෙසත් නෙවිල් නොයාර් තරග තීරක ලෙසත් ක්‍රියා කරති.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee