slc
logo
Home   |    News
ජූනි 21, 2025
තරගය දැන් දෙපිලටම විවෘතයි – කමිඳු මෙන්ඩිස්

sinhala editor

සංචාරක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගය දැන් දෙපිලටම විවෘත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් පැවැසීය. හෙට (21) අවසන් දිනයේ උදෑසන බංග්ලාදේශ කඩුලු දෙකක් දවා ගතහොත් ශ්‍රී ලංකා පිලට ඉදිරියට යෑ‍මේ අවස්ථා ඇති බව කමිඳු මෙන්ඩිස් පැවැසීය.  ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ‍‍ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ (20) නිමාවත් සමඟ පැවැති මාධ්‍ය හමුවේදී කමිඳ මේ බව පැවැසීය.

ප්‍රශ්නය: මේ තණතිල්ලේ අපි පසු පසින් ඉන්නේ. ඇයි ඒ අයට වඩා අපිට ලකුණු ගහන්න බැරි වුණේ?

පිළිතුර: මේක හොද විකට් එකක්. තණතිල්ලේ හොදම දවස් දෙකේ බංග්ලාදේශය බැට් කළේ. දැන් තණතිල්ල ටිකක් දග පන්දු යවන්නන්ට උචිතයි.  මා හිතන්නේ අවසනාවන්ත ලෙස කුසල් මෙන්ඩිස් හා ධනංජය උදේම දැවී යෑම අවාසිදායක වුණා. එහෙම නොවුණානම් තත්ත්වය වෙනස්. ඔවුන් දෙදෙනාම ටෙස්ට් තරගවල ලකුණු අතර සිටින අය. ඒකත් එක්කම මම ලකුණු 87කට දැවී යෑමත් ලකුණු අඩු වෙන්න හේතුවක්.

ප්‍රශ්නය: දැන් තණතිල්ල තියෙන විදිහට ශ්‍රී ලංකාවට තරගය දිනන්න පුළුවන් තත්ත්වයක් තියෙනවාද?

පිළිතුර: ඔව් මං හිතන්නේ තරගය දෙපැත්තටම විවෘතයි. උදේම ඔවුන්ගේ කඩුලු දෙකක් ගත්තොත් අපි ඉදරියට යනවා. ඒත් එක්කම අපි හොදට බැට් කරලා දිනන්න පුළුවන්. අපේ ප්‍රධාන බලාපොරොත්තුවත් තරගය දිනන එකයි.

ප්‍රශ්නය: අද අපි බැට් කරන්න එද්දී ලකුණු 127ක් පසුපසින් හිටියේ කඩුලු 6ක් අතැතිව. අද තරගයට එද්දී මොනවගේ සැලසුමක් ද තිබුණේ

පිළිතුර: පළමු ඉනිමේ ප්‍රතිවාදීන් ලොකු ලකුණු ගණනක් ගොඩ නඟා තිබෙද්දී ගොඩක් වේලාවට සැලසුම වුණේ හොද සම්බන්ධතා ගොඩනගා ලකුණු 200ක ව්තර ඉදිරියෙන් ඉන්න එකයි. නමුත් උදේ කඩුලු බිද වැටුණා. දැන් බලන්නේ අනතුරක් නැතිව ආරක්ෂාකාරීව ඉදිරියට යන්නයි

ප්‍රශ්නය: මේ තරගය දැන් තියෙන විදිහට හා තණතිල්ලේ ස්භාවය අනුව එක් කාල පරාසයකදී ලකුණු කීයක් විතර බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

පිළිතුර: මා හිතනවා තණතිල්ලේ ස්භාවය අනුව ඒක තීරණය වන්නේ. අපි මුල ඉදලාම ඒ අයට වඩා ලකුණු වේගය අතින් හොදයි. අපි ඔවුන්ව උදේ කාලයේ දවා ගත්තොත් දවල් සෙසන් එකයි පැයක් එකහමාරක් ඇති ලකුණු හඹා යන්න. අපි ටීම් එකක් විදිහට හොද ආත්ම විශ්වාසයක ඉන්නවා දිනන්න පුලුවන් කියලා. අපේ පළමු බලාපොරොත්තුව කඩුලු දවා ගැනීම. අනතුරුව එල්ල වෙන ඉලක්කය හඹා යනවා.

ප්‍රශ්නය: අවසන් දිනයේ ගාලු තණතිල්ල දැන් තියෙන විදහට පිතිකරුවන්ට වාසිදියක වෙයිද? නැත්නම් දග පන්දු යවන්නන්ට හොද වෙයිද?

පිළිතුර: මං හිතන්නේ ගාලු තණතිල්ල 4 වැනි දවස වෙද්දී දග කැවෙනවා. ඒත් අද දැක්කේ උදේ වරුවේ ටිකක් විතර හා දවල් මුල් පැයේ දග කැවෙනවා ව්තරයි.  ආයේ සාමාන්‍ය තත්ත්වයක් තිබුණා. තණතිල්ල මන්දගාමීයි. අපි පන්දු යවන ව්දහ අනුව මේ තරගයේ ප්‍රතිළුලය වෙනස් වෙනවා.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee