slc
logo
Home   |    News
ජූනි 13, 2025
ගවනර්ස් කප් අවසාන පූර්ව තරග 11 වැනිදා

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ආණ්ඩුකාර කුසලාන (ගවනර්ස් කප්) එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරග මේ මස 11 වැනිදා (බදාදා) පැවැත්වීමට නියමිතය.  අවසාන පූර්ව තරග දෙකට සහභාගි වන කණ්ඩායම් හතර වනුයේ ඕල්ඩ් ධර්මපාලියන්ස් – යුනිචෙලා ක්‍රීඩා සමාජය සහ සරසන්ස් – කඳුකර ක්‍රීඩා සමාජය වේ.

 ඕල්ඩ් ධර්මපාලියන්ස් ‘ඒ‘ කොටසේ ප්‍රථම ස්ථානයත් යුනිචෙලා ‘බී‘ කොටසේ දෙවන ස්ථානයත් ඕල්ඩ් සර්වේෂස් ‘බී‘ කොටසේ ප්‍රථම ස්ථානයත් කඳුකර ක්‍රීඩා සමාජය ‘ඒ ‘ කොටසේ දෙවන ස්ථානයත් මූලික වටයේ දී හිමිකර ගත්හ.

 ඕල්ඩ් ධර්මපාලියන්ස් – යුනිචෙලා ප්‍රථම අවසාන පූර්ව තරගය බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදීත් සරසන්ස් – කඳුකර ක්‍රීඩා සමාජය අතර දෙවන අවසාන පූර්ව තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.

 මේ තරග දෙකෙහි ජයග්‍රාහකයන් අතර අවසාන මහා තරගය පැවැත්වෙනුයේ ජුනි 14 වැනිදා බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදීය.

 සෙනසුරාදා (14) බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසාන මහා තරගයේ තරග විනිසුරුවන් වනුයේ සිසිර ප්‍රබෝධ සහ ප්‍රියාන් විතානාච්චිය.

 ශානුක විජේසිරි අවසාන මහා තරගයේ අතිරේක විනිසුරු ලෙසත් නෙවිල් නොයාර් තරග තීරක ලෙසත් ක්‍රියා කරති.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee