slc
logo
Home   |    News
ජූලි 8, 2025
පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් කරමින් පාණදුර ක්‍රීඩා සමාජය පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

 එන්.සී.සී. කණ්ඩායම කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දු රැකීමටය. පාණදුර ක්‍රීඩා සමාජය සිය පන්දුවාර 50 අවසන් වන විට කඩුලු හතක් දැවී ලකුණු 316ක් රැස් කරමින් ප්‍රබල තත්ත්වයකට පත්විණි. පන්දුවාරයකට ඔවුනගේ ලකුණු රැස් කිරීමේ වේගය 6.32ක් වන පරිදි ඉහළ මට්ටමක තබා ගැනීමට හැකි විය.

 එන්.සී.සී. කණ්ඩායමේ සියලු පිතිකරුවනට පන්දුවාර 20.2ක දී දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 103ක් පමණකි.

 පාණදුර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වු අංක හතර පිතිකරු විමත් දින්සර අගනා පිතිහරඹයක නියැළෙමින් ලකුණු 92ක් රැස් කළේ පන්දු 96කට මුහුණ දී හතරේ පහර අටක් සහ හයේ පහර දෙකක් ද සමගිනි.

 විමත් දින්සර පාණදුර කණ්ඩායමේ නායක ඕෂද ප්‍රනාන්දු (67) සමග ලකුණු 134ක සබඳතාවයකින් ඉනිමේ වැඩිම සබඳතාව වාර්තා කළේ පන්දුවාර 24.2ක් තුළදීය.

 විමත් දින්සරට අමතරව පාණදුර කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනුණු ඕෂද ප්‍රනාන්දු පන්දු 84ක දී හතරේ හයක් හයේ පහරක් සමග ලකුණු 67ක් ද අංක පහ පිතිකරු කාංචන ඩි ලිවේරා ලකුණු 60ක් ද (පන්දු 67යි හතරේ හයයි හයේ පහරයි) අංක හය පිතිකරු සසිඳු මල්ෂාන් වේගවත් ලකුණු 50ක් ද (පන්දු 30යි හතරේ හයයි හයේ දෙකයි) අර්ධ ශතක වාර්තා කළහ.

 එන්.සී.සී. කණ්ඩායමේ දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය කඩුලු තුනක් දවාලුවේ ලකුණු 36ක් ලබා දෙමිනි.

 එන්.සී.සී. පන්දුවට පහරදෙද්දී ප්‍රබල පන්දු යැවීමක නිරත වු විශ්ව ළහිරු ලකුණු අටකට කඩුලු තුනක් ද නිමේෂ් විමුක්ති ලකුණු 13කට කඩුලු දෙකක් ද නිසල තාරක ලකුණු 32කට කඩුලු දෙකක් ද දවාලුහ. එන්.සී.සී. පිතිකරුවන් කිසිවකුට ලකුණු විසි පහ අභිබවා යාමට අවස්ථාව උදා නොවීය.

ලකුණු විස්තරය

පාණදුර පන්දුවාර 50දි කඩුලු 7ට 316යි – (විමත් දින්සර 92, ඕෂද ප්‍රනාන්දු 67, කාංචන ඩි ලිවේරා 60, සසිඳු මල්ෂාන් 50, විශ්ව ළහිරු නොදැවී 11, ලසිත් ඇඹුල්දෙණිය 36/3, රමිරු පෙරේරා 24/2)

එන්.සී.සී. පන්දුවාර 20.2දී සියල්ල දැවී 103 – (රමිරු පෙරේරා 24, අහන් වික්‍රමසිංහ 20, විනුක රූබසිංහ 19, කවීන් බණ්ඩාර 13, විශ්ව ළහිරු 8/3, නිමේෂ් විමුක්ති 13/2, නිසල තාරක 32/2යි)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee