slc
logo
Home   |    News
අගෝස්තු 19, 2025
කෝල්ට්ස් පළමු ඉනිමේ ජය හිමිකර ගනී

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (19) යුද හමුදාවේ ශාලාව ක්‍රීඩාංගණයේ පැවැති තරගය නිමාවට පත්වූයේ රාගම කණ්ඩායමට එරෙහිව කෝල්ට්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ ජයක් වාර්තා කරගනිමිනි.

කෝල්ට්ස් කණ්ඩායම පළමු ඉනිමේ කඩුලු හතකට රැස් කළ ලකුණු 310ට පිළිතුරු ලෙස රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ දී සියල්ල දැවී රැස් කළේ ලකුණු 91කි. ඉනිමක පරාජයෙන් බේරීමට රාගම කණ්ඩායමට දෙවන ඉනිමේ දී ලකුණු 219ක් අවශ්‍ය වු අතර ඔවුන් සිය දෙවන ඉනිමේ දී තරගය නිමවීමට මිනිත්තු විස්සකට පෙර නැවත සියල්ල දැවී ගියේ ලකුණු 243කට ය.

 රාගම ඉනිමක පරාජයෙන් ගැල වී ලකුණු 24කින් ඉදිරියෙන් සිටි එම අවස්ථාවේ තරගය නිමාවට පත් කරන ලද්දේ කෝල්ට්ස් කණ්ඩායමට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමි කරමිනි.

 රාගම ක්‍රිකට් සමාජය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙද්දී වරක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 169ක් රැස් කර සිටියත් පසුව අවසාන කඩුලු නවය දැවී ගියේ ලකුණු 74ක් එක්වද්දීය.

 ඔවුනගේ දෙවන කඩුල්ලට දෙනුර දිමන්සිත් (ලකුණු 83) සහ සනිතු අමරසිංහ (ලකුණු 63) එක් කළ සබඳතාවය ලකුණු 140කි. (පන්දුවාර 29යි)

 ආරම්භක පිතිකරු දෙනුර දිමන්සිත් පන්දු 103ක දී හතරේ 11ක් සමග ලකුණු 83ක් ද අංක තුන පිතිකරු සනිතු අමරසිංහ පන්දු 109ක දී හතරේ දහයක් සමග ලකුණු 63ක් ද රැස් කළහ.

 දක්ෂ පන්දු යැවීමක නිරත වු කෝල්ට්ස් කණ්ඩායමේ ප්‍රවීන් මනීෂ ලකුණු 78කට කඩුලු හතරක් දවාලුවේය.

ලකුණු විස්තරය

  • කෝල්ට්ස් – රාගම ක්‍රිකට් (කෝල්ට්ස්ට පළමු ඉනිමේ ජය)

 කෝල්ට්ස් පළමු ඉනිම කඩුලු 7ට 310 (පන්දුවාර 71.5)

 (හිරුන ගාල්ලගේ 78, හිරුන් කපුරුබණ්ඩාර 71, අනුරාධ රණසිංහ නොදැවී 50, රිෂ්මා අමරසිංහ 43, රයන් දිසානායක 24, හරින් අචින්ත 22, දසිත් ගුණතිලක 61/4, මලීෂ සිල්වා 65/3)

 රාගම පළමු ඉනිම සියල්ල දැවී 91 (පන්දුවාර 28.4යි)

 (සනිතු අමරසිංහ 21, මලීෂ සිල්වා 16, දසිත් ගුණතිලක 14, නිසලිත සන්දිව් 10, දෙනුර දිමන්සිත් 09, රයන් දිසානායක 23/4, තරණ විමලධර්ම 52/3, ප්‍රවීන් මනීෂ 0/2යි)

 රාගම දෙවන ඉනිම සියල්ල දැවී 243 (පන්දුවාර 71.1)

 (දෙනුර දිමන්සිත් 83, සනිතු අමරසිංහ 63, නිසලිත සන්දිව් 22, ෂෙවාන් මෝසස් 18, මලීෂ සිල්වා 16, දසිත් ගුණතිලක 21, ප්‍රවීන් මනීෂ 78/4, තරණ විමලධර්ම 51/3, කවීෂ ලියනආරච්චි 28/2)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

USD United States (US) dollar