slc
logo
Home   |    News
අගෝස්තු 23, 2025
අඩුපාඩු සියල්ල සකසා ගන්න බලාපොරොත්තු වෙනවා – චරිත් අසලංක

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර කණ්ඩායමේ ඇති සියලු අඩුපාඩු එළැඹෙණ සිම්බාබ්වේ තරගාවලිය ඇතුළතදී සකසා ගැනීම තමන් මෙන්ම කණ්ඩායමේ බලාපොරොත්තුව වී තිබෙන බව ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 නායක චරිත් අසලංක සඳහන් කර සිටියේය.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලියට සහ තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට පිටත්ව යෑමට පෙරාතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී සුදු පන්දුවේ නායකයා ඉහත අදහස් පළ කර සිටියේය.

සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම අද (23 වැනිදා) අළුයම් කාලයේදී සිම්බ්බාවේ බලා පිටත්ව ගියේය.

“සිම්බාබ්වේ තරගාවලිය අපිට හොද සූදානමක් වෙයි කියලා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට කළින්“ යැයි සඳහන් කරන චරිත්, “අපි මිට කලින් ටී-20 තරගාවලියක් අපේ රටේ ක්‍රීඩා කළා. ඉතිං මං හිතන්නේ ඒකත් අපි කළේ ඒෂියා කප් එකටත් වර්ල්ඩ් කප් එකටත් සූදානමක් විදියට. අර මං කළින් කිව්වා වගේ සිම්බාබ්වේ ට එරෙහි තරගාවලියේදී සියලුම අඩුපාඩු හදාගෙන ඒෂියා කප් එකට යද්දි 100% ක් හොඳ කණ්ඩායමක් විදියට යන්න“ යනුවෙනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි අසලංක, මෙය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සහ නවක සියල්ලන්ටම තමන්ගේ සුපුරුදු රිද්මයන් වලට පැමිණීමට හොද අවස්ථාවක් ලෙස මෙම තරගාවලිය යොදා ගත හැකි බවද සඳහන් කර සිටියේය. “මං හිතන්නේ මේක හැමෝටම හොඳ අවස්ථාවක් ඉතිං ෆෝම් එකටත් එන්නත්. ඒ වගේම වර්ල්ඩ්කප් එකට සූදානම් වෙන්නත්. ඒක තමයි මං හිතන්නේ ප්‍රධානම අභියෝගය අපිට තියෙන. ඉතිං අපිට හැකි සෑම අවස්ථාවකම අපි බලාපොරොත්තු වෙනවා නවකයන්ටත් අවස්ථාව දෙන්න. මොකද ඒ ගොල්ලෝ සුදුසුම අය. ඒ නිසයි ඔවුන් කණ්ඩායමට ඇතුළු කරලා තියෙන්නේ. ඉතිං බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒගොල්ලෝ හොඳින් ක්‍රීඩා කරයි කියලා“ යනුවෙන් කණ්ඩායමට ඇළුතින් පැමිණ සිටින ක්‍රීඩකයින් පිළබඳව ද ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 නායකයා අදහස් පළ කර සිටියේය.

සිම්බාබවේට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලි 2 න් අනතුරුව ශ්‍රී ලංකාවේ මීළඟ අභියෝගය වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ආකෘතියෙන් යුත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම වෙයි.

“ලොකු විශ්වාසයක් තියෙනවා මං හිත්නනේ කණ්ඩායම ඇතුළේ. 2022 වසරේදීත් ආපි ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය ජයග්‍රහණය කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී. 2021 ඉඳන්ම මේ කණ්ඩායමේ ගොඩක් ක්‍රීඩකයින් එහේ ක්‍රීඩා කරලා තියෙනවා. ඉතිං මං හිතන්නේ ඒකත් අපිට ලොකු අත්දැකීමක් වේවි මේ පාර ආසියානු කුසලානයට ක්‍රීඩා කරනකොට“ යි චරිත් සදහන් කර සිටියේය.

මේ අතර පළමු වතාවට ජාතික කණ්ඩායමට ඇතුළත්ව සිටින පවන් රත්නායකද මෙහිදී අදහස් දක්වා සිටිමින් පවසා සිටියේ, දේශීය තරගවල දක්ෂතා දැක්වූ අයුරින්ම තමාට අවස්ථාවක් ලැබුණහොත් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවයි.“

“ ඇත්තටම ගොඩක් සතුටුයි මේ අවස්ථාව ලැබුණට. මම කොහොමත් හිතන් ඉන්නේ ඒ කියන්නේ කල්බ් මැච් වල පර්ෆෝම් කලා වගේ පොසිටිව් මයින්ඩ් එකේ මේ තරගාවලියෙදිත් හොඳින් පර්ෆෝර්ම් කරන්න. බලමු ඉතිං හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා“ යැයි පවන් සඳහන් කර සිටියේය.

නිමාවට පත් වුණු අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මෙන්ම නිමාවට පත් වුණු ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ තරග සංචාරයන්වලදී පිතිකරුවකු ලෙස දක්වන ලද දක්ෂතා සැලකිල්ලට ගනිමින් පවන්ව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට එක් කර තිබේ.

දකුණතින් පිත්ත හසුරුවන පවන්, කොළඹ සී. සී. සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන්නේය. 22 හැවිරිදි වියේ පසුවන පවන්, නිමාවට පත් වුණු අන්තර් සමාජ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව හයේ පහර 9ක් සහ හතරේ පහර 13 ක් සමගින් පන්දු 94 කදී ලකුණු 158 ක් ලබා ගනිමින් සී. සී. සී. ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූවේය.

තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය අගෝස්තු මස 29 වැනිදා සහ 31 වැනිදා පැවැත්වන අතර පළමු විස්සයි-20 තරගය සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වෙනු ඇත. දෙවැනි තරගය 06 වැනිදාද තෙවැනි තරගය 07 වැනිදාද පැවැත්වේ.

එක්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, පැතුම් නිස්සංක, නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, නුවනිඳු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, මිලාන් රත්නායක, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, ඩිල්ෂාන් මදුශංක, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර.

තරග කාලසටහන

අගෝස්තු 29 – පළමු එක්දින තරගය හරාරේහිදී

අගෝස්තු 31 – දෙවැනි එක්දින තරගය හරාරේහිදී

සැප්තැම්බර් 03 – පළමු විස්සයි-20 තරගය හරාරේහිදී

සැප්තැම්බර් 06 – දෙවැනි විස්සයි-20 තරගය හරාරේහිදී

සැප්තැම්බර් 07 – තෙවැනි විස්සයි-20 තරගය හරාරේහිදී

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

USD United States (US) dollar