slc
logo
Home   |    News
සැප්තැම්බර් 18, 2025
නබීගේ පිහිටෙන් ශ්‍රී ලකාවට ලකුණු 170 ක ඉලක්කයක්

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට වඩා ඇෆ්ගනිස්තානයට වඩාත්ම වැදගත් වුණු මූලික වටයේ අවසන් තරගයේදී දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා දෙමින් පීඩනයට ලක් කිරීමේ අදිටනින් කාසියේ වාසියත් සමගම ඇෆ්ගනිස්තානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රතිවාදීන්ව නොසිතූ අසීරුවකට ඇද දැමූහ. මෙහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු නුවන් තුෂාර මුලු ලකුණු සංඛ්‍යාව 40 ක් වන විටම ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනා නරඹන්නන් බවට පත් කළහ. එතැනින් නොනැවතුණු දුෂ්මන්ත චමීර, දසුන් ශානක සහ දුනිත් වෙල්ලාලගේ පීඩනය වැඩි කරමින් පන්දු යැවීම නිසා 13 වැනි පන්දුවාරය වන විටත් ඇෆ්ගනිස්තානු ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 6 කට ලකුණු 79 ක් වශයෙනි.

මෙකී තත්ත්වය ප්‍රධාන කොට ඇෆ්ගනිස්තානු කණ්ඩායමට ලකුණු 120 සීමාව පවා ඉක්මවා යෑම අසීිරු බවක් පෙනෙන්නට තිබූ නමුත්, අවසන් පන්දුවාර දෙකේදී ලකුණු 49 ක් උදුරා ගැනීමට මොහොමඩ් නබී ප්‍රමුඛ ඇෆ්ගනිස්තානු පිතිකරුවන් සමත්වීම නිසා තරගයේ ස්වභාවය මුළුමනින්ම වෙනස් වන්නට විය. ඒ අනුව 19 වැනි පන්දුවාරය ආරම්භ වන විට කඩුලු 7 කට ලකුණු 120 ක් ලෙසින් සටහන් වුණු ඇෆ්ගනිස්තානු ලකුණු පුවරුව 20 වැනි පන්දුවාරය අවසන් වන විට සටහන් වූයේ කඩුලු 8 කට ලකුණු 169 ක් වශයෙනි.

විස්සයි-20 තරගයකදී අවසන් පන්දු වාරය යැවීම සඳහා දඟ පන්දු යවන්නකුට භාර දීම අසාමාන්‍ය දෙයක් වුවත්, නායක චරිත් අසලංකගේ තේරීම වූයේ එම පන්දුවාරය දුනිත් වෙල්ලාලගේට ලබා දීමය. ඒ අනුව පන්දුව අතට ගත් වෙල්ලාලගේට එරෙහිව හයේ පහර 5 ක් සමගින් ලකුණු 32 ක් උදුරා ගැනීමට මොහොමඩ් නබී සමත්වූවේය. ඊට පෙර පන්දු වාරය යැවූ දුෂ්මන්ත චමීරට ද එරෙහිවද පිට පිට හතරේ පහර 3 ක් එල්ල කළ නබී එම පන්දුවාරයේදී ලකුණු 17 ක් උදුරා ගත්තේ ශ්‍රී ලංකා පිල කිසි විටෙකත් නොසිතූ තැනකට තරගය රැගෙන යමිනි. එය චමීරගේ අවසන් පන්දුවාරය වූ අතර එම ප්‍රහාරයත් සමග ඔහුගේ පන්දුවාර 4 ඇතුළතදී ලකුණු 50 ක් උදුරා ගැනීමට ප්‍රතිිවාදී පිතිකරුවෝ සමත්ව සිටියහ.

ඉනිමේ අවසන් පන්දුවාරයේදී දුවද්දී දැවී යනිවිට මොහොමඩ් නබී පන්දු 22 කදී ලකුණු 60 ක් ලබා සිටියේ තම ඉනිම හයේ පහර 6 කින් සහහතරෙ පහර 3 කින් සරසා ගනිමිනි. නායාක රෂීඩ් ඛාන් පන්දු 23 කදී රැස් කරන ලද ලකුණු 24 හැරුණු කොට ගෙන එම ඉනිමේ වාර්තා වුණු ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ ඊබ්‍රහිම් සද්‍රාන් රැස් කරන ලද ලකුණු 24 පමණි. මෙහිදී රෂීඩ් ඝාන් සමග 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී ලකුණු 35 ක් රැස් කළ නබී 8 වැනි කඩුල්ල වෙනුවෙන් නූර් අහමඩ් සමග රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව පන්දු 18 කදී ලකුණු 55 ක් විය.

18 වැනි පන්දුවාරය යැවූ නුවන් තුෂාර රශීඩ් ඛාන්ගේ කඩුල්ලද දවා ගත් අතර එහිදී ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 4 කදී ලකුණු 18 කට කඩුලු 4 ක් වශයෙනි.

ඇෆ්ගනිස්තානය පන්දුවාර 20 අවසනදී කඩුලු 8 කට ලකුණු 169 යි – (මොහොමඩ් නබී 60, රශීඩ් ඛාන් 24, රාහ්මනුල්ලා ගුර්බාස් 14, සෙදිකුල්ලා අටල් 18 කරීම් ජැනට් 01, ඩව්රිෂ් රුසෝලි 09, අස්මාටුල්ලා ඔමරසායි 06, නූර් අහමඩ් 06*, නුවන් තුෂාර 18/4, දුෂ්මන්ත චමීර 50/1, දුනිත් වෙල්ලාලගේ 49/1, දසුන් ශානක 29/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee